lan englan tam

පුවත්

මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව සිනමාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට වසර 28 පෙර අප අතරින් සමුගත්, අදටත් රසික හදවත් තුළ සදා ජීවමාණ මෙරට ජනප්‍රියතම ගායන ශිල්පියෙකු වූ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිත කතාව පාදක කරගනිමින් “එදා රෑ" නමින් සංගීතමය වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ වැඩකටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මාරියා, ධර්ම යුද්ධය 02 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන විසිනුයි.

“එදා රෑ" චිත්‍රපටය තුළින් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී  රොෂාන් රවීන්ද්‍ර විසින්.

 

 

ඒ සමගින් නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, සුරන් දිසානායක, ‍ධර්මප්‍රිය ඩයස්, ජනිත් වික්‍රමගේ, විශ්ව කොඩිකාර, අනුරුද්ධිකා පාදුක්කගේ, දිනිති වල්ගම, කළණ ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, සප්නා පාදුක්ක, හිමාලි සිරිවර්ධන, ෆර්නි රෝෂිනී, බියංක අමරසිංහ ඇතුළු තවත් ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වන්නට නියමිතයි.

එමෙන්ම සාරංග දිසාසේකර, නිහාරි පෙරේරා, පියුමාලි එදිරිසිංහ සහ රොෂාන් රණවණ මීට ආරාධිත රංගනයෙන් එක්වෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදාණපතිරණ විසින් රචනා කරනු ලබන අතර,

One Line ප්‍රඩක්ෂන් වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ චමක මංජුල විසින් චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබනවා.

මෙම චිත්‍රපටය මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත රැසකින් වර්ණවත් වන අතර, සුරේෂ් මාලියද්ද චිත්‍රපටයේ සංගිත අධ්‍යක්ෂකවරයායි.

ගීත ගායනය සදහා රනිල් මල්ලවාරච්චි සමග පවන් මල්ලවාරච්චි දායක වෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි. 

618772509 1442689714087364 2275541443003514961 n

kemadasa

Back to top
Go to bottom