lan englan tam

පුවත්

“ගස්වල මැයි මාර මල් පිපෙන කාලෙටම...මැයි මාර සිහිනය දකින්නට...”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ “මැයි මාර ප්‍රසංගය” නවකතාව ඇසුරින් නවතම සිනමා නිර්මාණයක් බිහිවන වන බව පසුගිය කාලයේ ඔබට දැනගන්නට ලැබෙන්න ඇති.

ඉතින්, මේ නවතම සිනමා නිර්මාණය “මැයි මාර ප්‍රසංගය” (ඉඟුරුමල් වර්ණ රිදීතිර සිතුවම) ළඟදීම ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්නට සූදානම් බව නිවේදනය කරලා තියෙනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේත් මහින්ද ප්‍රසාද මස්ඉඹුල විසින්ම වන අතර, ඔහු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මේ ගැන කෙටි සටහනකුත් එක් කරළා තිබුණා.

 

mahinda note

 

රොශාන් රවීන්ද්‍ර, උමාලි තිලකරත්න සහ සේවියර් කනිෂ්ක, ශ්‍රියානි අමරසේන, විශ්වජිත් ගුණසේකර, රූපා පතිරණ, යශෝධා රසඳුනි, ප්‍රියංකා සමරවීර... ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වනවා.

චිත්‍රපට නිෂ්පාදනය කළේ කුමාරි පණ්ඩිතරත්න විසින් වන අතර, KP Films ඉදිරිපත් කිරීමක් වෙනවා.

ඉතින්, අපූර්ව වචන පෙළක් ඔස්සේ ඔබ පරිකල්පනය කල 'මැයි මාර ප්‍රසංගය' නවකතාව සිනමාත්මක රූප පෙළක් ඔස්සේ ඔබ හමුවට එන දිනය වැඩි ඈතක නොවේ.

 

615471284 122161189142660244 3069849633587986402 n

548213925 774841241945400 6625008470956808942 n

 

kemadasa

Back to top
Go to bottom