lan englan tam

පුවත්

කේරළ ජාත්‍යන්තර සිනමා උළෙලේ ජූරිය නියෝජනය කළ උපාලි ගම්ලත්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, නිමාවට පත් වූ ඉන්දියාවේ "30 වන කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල" අංශ කිහිපයක් යටතේම ශ්‍රී ලාංකේය සිනමාවට අවධානය හිමි වූ එකක් විය.

මේ අතරින්, මෙවර කේරළ ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් ජූරියේ සභාපතීත්වය දරමින් ජූරි සභිකයෙකු ලෙස කටයුතු කිරීමට ලාංකීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක උපාලි ගම්ලත් හට අවස්ථාව හිමිව තිබූ අතර, එය ඉතා සුවිශේෂී අවස්ථාවක් බවට පත් විය.

616820147 10167831828903018 5027607618004307310 n 1ඔස්කාර් සම්මාන ලාභී ආචාර්ය රසූල් පූකුට්ටි (වම), ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක උපාලි ගම්ලත් (මැද), සම්මාන ලාභී චිත්රපට අධ්යක්ෂ වරියක් වන සුප්රියා සූරි හා සිනමා විචාරක හා රචක ඉෂිතා සෙන්ගුප්තා (දකුණ) යන ජූරි සාමාජිකයන් සම්මාන උළෙලේ වේදිකා

 

පසුගිය දෙසැම්බර් 12 වෙනිදා සිට 19 දක්වා ඉන්දියාවේ තිවෙන්ද්‍රපුරම් හිදී  කේරළ අන්තර්ජාතික සිනමා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, ලොව රටවල් 83 කට අයත් විශිෂ්ඨ සිනමා නිර්මාණ 200 කට අධික ප්‍රමාණයක් මෙවර කේරළ ජාත්‍යන්තර සිනමා උළෙලේදී තිරගත විය.

ආසියානු කලාපයේ ප්‍රධානතම ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක් නියෝජනය කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක උපාලි ගම්ලත් හට අපගේ උණුසුම් සුබ පැතුම්.

 

617003613 10167831842618018 615651193505782451 n 1

616818296 10167831844623018 4720319428800311213 n 1 

 

kemadasa

Back to top
Go to bottom