lan englan tam

පුවත්

ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වීමට සබීනා යූසෆ් ඇමරිකාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා සබීනා යූසෆ් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනෙන් පිටත්ව යනු ලැබුවා.

ලෝකයේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන් මෙවර විවාහක රූ රැජින කිරුළ සඳහා තරග වදින අතර, තරගාවලිය ජනවාරි 22 සිට 29 දක්වා පැවැත්විමට නියමිතයි.

තරගාවලිය සදහා පිටත්ව යන සබීනා යූසෆ්  හට සුබ පැතීම සඳහා ලෝක විවාහක රූ රැජින තරගාවලියේ මෙරට අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද සහ පසුගිය 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ඉෂාදි අමන්දා ඇතුළු සබීනාගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 

615814615 1346426943956248 1761091549463737277 n

619850698 1346142417318034 8917948458571973344 n 1

kemadasa

Back to top
Go to bottom