මෙරට ජනප්‍රියතම ගායන ශිල්පියෙකු වූ මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වන නවතම සිනමා නිර්මාණයක වැඩකටයුතු ඊයේ(20) දිනයේ නවලෝක ශ්‍රවණාගාරයේදී ආරම්භ උනා.
“එදා රෑ – (One Voice Million Hearts)” යනුවෙන් නම් කොට ඇති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර 'මාරියා', 'ධර්මයුද්ධය 02'.. වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන විසිනුයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර විසින්.
ඒ සමගින් නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, සුරන් දිසානායක, ධර්මප්‍රිය ඩයස්, ජනිත් වික්‍රමගේ, විශ්ව කොඩිකාර, අනුරුද්ධිකා පාදුක්කගේ, දිනිති වල්ගම, කළණ ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, සප්නා පාදුක්ක, හිමාලි සිරිවර්ධන, ෆර්නි රෝෂිනී, බියංක අමරසිංහ ඇතුළු තවත් ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
එමෙන්ම සාරංග දිසාසේකර, නිහාරි පෙරේරා, පියුමාලි එදිරිසිංහ සහ රොෂාන් රණවණ මීට ආරාධිත රංගනයෙන් එක්වන්නට නියමිතයි.

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් රචිත අතර, කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස චන්න දේශප්‍රිය කටයුතු කරනවා.
“එදා රෑ” චිත්‍රපටය මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත රැසකින් සමන්විත වන අතර, සුරේෂ් මාලියද්ද චිත්‍රපටයේ සංගිත අධ්‍යක්ෂකවරයායි.
ගීත ගායනය සදහා රනිල් මල්ලවාරච්චි සමග පවන් මල්ලවාරච්චි එක් වන අතර , යුග ගායනයෙන් සමිතා මුදුන්කොටුව සහ උරේෂා රවිහාරි දායක වේ.
චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි.
















