lan englan tam

පුවත්

“ඔබේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි...”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන පෙබරවාරි මාසයේ පෙම්වතුන්ගේ දිනයට පෙර දිනයේ(13) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත කිරීම් ආරම්භ කරන අලුත්ම සිනමා නිර්මාණය තමයි “වයිෆ්”(The Wife) කියලා කියන්නේ.

මීට පෙර ‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මාන ලාභී, තරුණ සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න විසිනුයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ.

මෙරට ජනප්‍රියතම නළු නිළියන් දෙපළක් වන හේමාල් රණසිංහ හා උදාරි වර්ණකුලසුරීය විසින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරමින් රංගනයෙන් දායක වෙනවා.

 

 

හැඟීම් බිදී ගිය සිනමාකරුවෙකුගේ ජීවිත කතාවක් වටායි ‘වයිෆ්’ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ.

චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසින්.

ඉතින්, එළඹෙන පෙබරවාරි 13 වනදා සිට ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා ශලාවේදී ‘වයිෆ්’ (The Wife) හමුවිය හැකියි.

පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>>

 

kemadasa

Back to top
Go to bottom