'ආදරණීය කතාවක්','දේවි කුසුමාසන','ක්ෂීර සාගරය කැළඹිණ' චිත්‍රපටවලින් රසික ආදරය දිනාගත් හේමාල් රණසිංහ - උදාරි වර්ණකුලසූරිය සුසංයෝගය නැවතත් සිනමාවේ දකින්නට දැන් ඔබට අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඒ පෙබරවාරි 13 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත කිරීම් ආරම්භ කළ ‘වයිෆ්’ (The Wife) චිත්‍රපටය හරහායි.
‘වයිෆ්’ චිත්‍රපටය හරහා හේමාල් - උදාරි මෙවර ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණෙන්නේ විවාහක යුවළක් ලෙස වන අතර, නිර්මලා (උදාරි) හා මාධව (හේමාල්) ගේ ජීවිත කතාව කෙසේ ලියවෙයි ද? යන්න ‘වයිෆ්’ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයාට සමීප කරනවා.
‘වයිෆ්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ‘මෝටර් බයිසිකල්’, ‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මානනීය තරුණ සිනමා අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න විසිනි.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ වරුණ අරඹගේ විසින්.
ඉතින්, ළගම සිනමා ශාලාවේදී දැන් ඔබට ‘වයිෆ්’ නරඹන්නට එක් විය හැකියි.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවති චිත්‍රපටයේ මංගල දර්ශනයේ දී ලබා ගත් හේමාල් රණසිංහ - උදාරි වර්ණකුලසූරියගේ අපූරු ඡායාරූප කිහිපයක්.
ඡායාරූප : Sandamali Wimalsena Photography



















