‘The Godfather’ සහ ‘Apocalypse Now’ වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ප්‍රවීණ ඇමෙරිකානු නළු රොබට් ඩුවාල් (Robert Duvall) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු 95 වන වියේ පසු විය.
1983 වර්ෂයේ තිරගත වූ ‘Tender Mercies’ ඇමෙරිකානු චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානය ද දිනා ගත් අතර ඔහු සිය රංගන දිවිය තුළ හත් වතාවක් ඔස්කාර් සම්මාන සදහා නිර්දේශ විය.
රොබට් ඩුවාල් සිනමාවේ දැඩි චරිත (tough -guy roles) නිරූපණය සදහා වඩාත් ප්‍රසිද්ධ වූ අතර, Francis Ford Coppola අධ්‍යක්ෂණය කල 'The Godfather' සහ 'The Godfather Part II' චිත්‍රපටවල මාෆියා උපදේශක ලෙස ඔහු රඟපෑ චරිතය ඇතුළුව, සිය දශක හයකට අධික රංගන දිවියේ සුවිශේෂී චරිත රාශියක් සදහා පණ පෙවීය.
විශේෂයෙන්ම වියට්නාම යුද්ධය පාදක කර ගත් අති දැවැන්ත චිත්‍රපටයක් වූ ‘Apocalypse Now’ චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ ප්‍රබල හමුදා නිලධාරියෙකුගේ චරිතය බොහෝ කතා බහට ලක්වූ එකක් විය.
‘Apocalypse Now’ හි ඔහුගේ චරිතය මුලින් සැලසුම් කර තිබුණේ ඉතාමත් උද්වේගකර අන්දමින් වුවද, ඩුවාල් එය වඩාත් ස්වාභාවික ලෙස වෙනස් කළ අතර එහිදී චරිතයේ නමද 'Captain Carnage' සිට Lieutenant Colonel Bill Kilgore දක්වා වෙනස් විය.

මූලාශ්‍රය - bbc















