‘Ghostbusters’ චිත්‍රපටයේ සහ ‘Charles in Charge’ වැනි ප්‍රහසන රූපවාහිනී කතා මාලා හරහා ලොව පුරා ජනප්‍රියත්වයට පත් හොලිවුඩ් නිළි ජෙනිෆර් රන්යොන් මියගොස් තිබෙනවා.
මිය යන විට ඇය 65 වන වියේ පසු වූ අතර, කෙටි කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විදීමෙන් අනතුරුව ඇය පසුගිය මාර්තු 6 වෙනිදා දිවියෙන් සමුගෙන ඇත.
ඇයගේ සමීප මිතුරියක මෙන්ම නිළියක වන එරින් මර්ෆි (Erin Murphy) ෆේස්බුක් සටහනක් තබමින් මෙම පුවත තහවුරු කළාය. එහිදී ඇය රන්යොන් ඉතා කාරුණික සහ සුවිශේෂී තැනැත්තියක ලෙස හඳුන්වා දුන් අතර, ඇයගේ වියෝව දැඩි ලෙස දැනෙන බව පවසමින් පවුලේ උදවියට සිය ශෝකය ප්‍රකාශ කළාය.
රන්යොන් 1984 වසරේ වසරේ අතිශය ජනප්‍රිය වූ "Ghostbusters" චිත්‍රපටයේ රංගනය හරහා බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදෙන චරිතයක් බවට පත් විය.
ජෙනිෆර් රන්යොන් 'Ghostbusters' (1984) චිත්‍රපටයේ
එමෙන්ම ජනප්‍රිය ප්‍රහසන ටෙලි කතා මාලාවක් වූ "Charles in Charge" හි ග්වෙන්ඩොලින් පියර්ස් ලෙස ප්‍රධාන චරිතයක් නිරූපණය කළාය.
ජෙනිෆර් රන්යොන් "Charles in Charge" රූපවාහිනී කතා මාලාවේ (වම)
මීට අමතරව "Another World","Quantum Leap", "Murder, She Wrote" වැනි ජනප්‍රිය ටෙලි කතා මාලා රැසක ඇයව දැක ගත හැකි විය.
මෑතකාලීනව ඇය රංගනයෙන් මදක් ඈත්වී සිටි අතර, 2014 වසරේදී ඇය රංගනයෙන් විශ්‍රාම ගෙන ගුරුවරියක ලෙස කටයුතු කරන බව හෙළි කළාය.
සමීප හිතවතුන් සහ රසිකයන් ඇයව සිහිපත් කරන්නේ ඉතාමත් නිහතමානී සහ කාරුණික හදවතක් ඇති කාන්තාවක ලෙසයි.
ජෙනිෆර් රන්යොන්



