හිටපු රැප් ගායකයෙකු මෙන්ම කත්මන්ඩු නගරයේ හිටපු නගරාධිපති ද වන බාලේන්ද්‍ර ෂා නේපාලයේ මීළඟ අගමැති වීමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති නේපාල මහ මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව හිටපු අගමැති ශර්මා කේ.පී. ඕලි (Sharma KP Oli) පරාජය කිරීමට 35 හැවිරිදි රැප් ගායක බැලේන්ද්‍ර ෂා (Balendra Shah) සමත් වීමත් සමඟයි.
බාලේන්ද්‍ර ෂා විසින් හිටපු අගමැතිවරයා පරාජයට පත් කරනු ලැබුවේ ඔහු නියෝජනය කළ පාර්ලිමේන්තු බලප්‍රදේශයෙන් වීමද විශේෂත්වයක්.
ඊයේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල වලට අනුව ඔහුගේ මධ්‍යස්ථ ස්වාධින පක්ෂය ආසන 117 ක ජය තහවුරු කරමින් දැවැන්ත ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.
ආසන 275කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආසන165ක් ජනතා ඡන්දයෙන් සෘජුව තෝරාගන්නා අතර, සෙසු ආසන 110 සමානුපාතික නියෝජන ඡන්දයකින් තෝරා ගැනීමට නියමිත බවයි සදහන් වන්නේ.
ඉසෙඩ් පරපුරේ දැවැන්ත විරෝධතාවකින් රජය පෙරළා දැමීමෙන් පසු නේපාලයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණය මෙයයි.
මෙය නේපාල දේශපාලනයේ දැවැන්ත පෙරළියක් ලෙසයි සැලකෙන්නේ.
හිප්-හොප් සංගීතය සඳහා කලින් ප්‍රසිද්ධ වූ බාලේන්ද්‍ර ෂා ස්වාධීන පුද්ගලයකු ලෙස දේශපාලනයට පිවිසි අතර, 2022 දී කත්මණ්ඩු නගරාධිපති ලෙස පත් වීමට ද සමත් විය.



