lan englan tam

පුවත්

“අභිසාරි” චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය එළියට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට පෙර ‘ඇවිලෙනසුලුයි’ චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය වන 'අභිසාරි' චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය දැන් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

'අභිසාරි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝධා සන්දීපනී විසින් වන අතර, ඒ සමගින් අකලංක ප්‍රභාෂ්වර, ජැනට් ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු.. ආදී අතිදක්ෂ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ විසින් වන අතර, සංගීතය මදුන් දිසානායක විසින් නිර්මාණය කර ඇත.

'අභිසාරි' නිෂ්පාදනය කරන්නේ ස්ටෑන්ඩ්අප් මූමන්ට් ලංකා ආයතනයයි.

අතිශයින් ආන්දෝලනාත්මක තේමාවක් ඔස්සේ දිගහැරෙන 'අභිසාරි' ළගදීම රිදී තිරයේ දැකගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වනු ඇති.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහත Link එකෙන්.

සබැඳිය -  'අභිසාරි' පූර්ව ප්‍රචාරක පටය 

kemadasa

Back to top
Go to bottom