ගෝත්‍රික සමාජයක් පිළිබඳව කතා කරන අපූර්ව කතා තේමාවක චිත්‍රපටයක් වන “ගෝත්‍රා” එළඹෙන මාර්තු 27 සිට රිදී තිරයට පැමිණෙන්නට නියමිතයි.
වර්ෂ 1700 සිදු වූ ගෝත්‍රික ආදර කතාවක් ඔස්සේ ගලා යන මේ චිත්‍රපටය ප්‍රේමය, ත්‍රාසය මුසුවූ සිදුවීම් මාලාවකින් සමන්විත වෙනවා.
මීට රංගනයෙන් නලින් කුමාරසිරි, සංජීවනී අමරතුංග, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, අනුර බණ්ඩාර රාජගුරු, ජනිත් වික්‍රමගේ, විල්සන් කරුණාරත්න, දිලුක්ෂි වීරපෙරුම, රවි චන්ද්‍රසිරි, නිති සමරනායක, අංජලී ලියනගේ ඇතුළු ප්‍රවීණ හා නවක නළු නිළියන් විශාල ප්‍රමාණයක් මීට දායක වී තිබෙනවා.


“ගෝත්‍රා” තිර රචනය හා අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රවි චන්ද්‍රසිරි විසිනි.
විධායක නිෂ්පාදනයෙන් - රාජ් රණසිංහ, කැමරා අධ්‍යක්‍ෂණයෙන් - ජී.නන්දසේන, කලා අධ්‍යක්‍ෂණයෙන් - ක්‍රිශාන්ත දිසානායක, අංග රචනයෙන් - මනෝජ් සෙල්වරාජ් මීට දායක වෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ පියල් වික්‍රමසිංහ ,අසංක දිසානායක විසින්.
ප්‍රේක්ෂක ඔබට එළඹෙන මාර්තු 27 සිට දිවයින පුරා සිනමා හල් රැසකදී “ගෝත්‍රා” නැරඹීමට අවස්ථාව උදා වෙනවා.




මූලාශ්‍ර - ඇන්ටන් ජේ ප්‍රනාන්දු



