මෙරට ජනයාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ප්‍රතිස්ථාපනය කරන ලද අනුරුව ජාතික කෞතුක වස්තුවක් ලෙස නම් කොට නිරාවරණය කිරීම අද (10) පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදීයි.
නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ සිරුර ඉතා සූක්ෂ්ම ලෙස සංරක්ෂණය කරමිනුයි මෙම අනුරුව නිර්මාණය කොට ඇත්තේ.

ඒ අනුව හෙට(11) දිනයේ සිට හස්තියාගේ අනුරුව මහජන ප්‍රදර්ශනය විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා සැළකුනේ ආසියාවේ උසම හස්ති රාජයා ලෙස වන අතර, වසර ගණනාවක් ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැරේ පූජනීය ධාතු කරඬුව වැඩම වූ විශ්වාසවන්තම හස්ති රාජයාද විය.
1954 වසරේ සිට 2022 වසර දක්වා නැදුන්ගමුවේ රාජා අභිමානවත් ජීවිතයක් ගත කළේය.



