බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරන 26 වන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල (2025)',
2026 මාර්තු 20 වෙනි දා සිට අප්‍රේල් 03 වෙනිදා දක්වා පුරා දින 10 ක්,
සවස 4.00 සිට රාත්‍රී 10 දක්වා,
මරදාන ටවර් රඟහලේදී පැවැත්වෙනවා.
ළමා නාට්‍ය වේදීන් 43 දෙනෙකුගේ සිංහල, දමිළ, ඉංග්‍රීසි නාට්‍ය 38 ක් මෙවර ළමා නාට්‍ය උළෙලේදී වේදිකාගත වෙනවා.
අපූරුතම සොඳුරුතම ළමා නාට්‍ය අත්දැකීමක් විද ගන්න, ළමා නාට්‍ය කලාවට හිතැති ඔබ සැමට සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ආරාධනා කර සිටියි.




