''නවලෝකයේ Chairman හැටියට කාගෙන්වත් අවසර ගන්නෙ නැහැ. ජයන්ත ධර්මදාසට ගහන්න ගහන්න නවලෝකයට ප්‍රචාරයක් හමබ්වෙනවා.''
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම කතාබහට ලක්වන්නේ මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය කිරීමට සූදානම් වන රැජිණියේ චිත්‍රපටය පිළිබඳවයි. එහිදී මුහුරත් උළෙල පසුගිය දා නවලෝක ශ්‍රවණාගරයේදී පැවත් වූ අතර එහිදී ප්‍රධාන වශයෙන් විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා සහ ගාමිණී ෆොන්සේකා යන දැවැන්තයින්ගේ චරිත නිරූපණය කරන නළුවන් ප්‍රකාශයට අත් කරන ලදී. ඒ සමගම ඒඑ චරිත නිරූපණය කරන නළු නිළියන් පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි ආන්දෝලනාත්මක තත්වයක් උද්ගතව ඇත.
මෙම චිත්‍රපටය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන අතර සුනෙත් මාලිංග සහ ප්‍රියනාත් විදානපතිරණ තිර රචනය සිදු කර ඇති අතර මෙම චිත්‍රපටය නිෂ්පදනය කරනු ලබන්නේ ජයන්ත ධර්මදාස විසිනි. කෙසේ නමුත් මෙම චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වීමට පෙර ද මේ චිත්‍රපටය ගැන දැඩි කතාබහකට ලක් වී තිබුණි.
නමුත් මෙම චිත්‍රපටයේ සියලු කටයුතු සූදානම් කරමින් පසුගිය දා මුහුරත් උළෙල පැවැත් වූ අතර එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදක ජයනත් ධර්මදාස මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරියට තැබූ පියවර නැවත් පසුපසට නොගන්න බවයි.
එසේම වැඩිදුරටත් ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේ,
උපුටා ගැනීම
'' මම චිත්‍රපටි නිෂ්පාදනය කරන කෙනෙක් හැටියට සහ නවලෝකයේ Chairman හැටියට කාගෙන්වත් අවසර ගන්නෙ නැහැ. අපේ රටේ දක්ෂයෝ ඉපදුනා, අති දක්ෂයෝ හිටියා ශේෂ්ටයෝ හිටියා විශිෂ්ටයෝ හිටියා, එකේ උඩටම ගිය කෙනෙක් තමයි මේ රැජිණි. මම අවුරුදු විසි ගානක් ළඟින් ආශ්‍රය කළා.
දවසක් අපේ ගෙදරදී කතා කරන ගමන කිව්වා එයා ගැන පොත් කිහිපයක් ලියවිලා තියෙනවා හැබැයි චිත්‍රපටයක් කව්රුත් ගැහුවේ නැහැ සමහරවිට ඒක පාඩු වෙයි කියාලා හිතලා වෙන්න ඇති කිව්වා. මම ඒක හිතට ගත්තා. හැබැයි මාලිනී අක්කා අසනීප වෙලා හිටපු නිසා අපි ඒක ටිකක් කල් දැම්මා.
ඉස්සරහට එන පරම්පරාව පොට් කියවන එක අඩුයි. නමුත් චිත්‍රපටයක් තිබුණොත් ඒක බලයි කියලා අපි හිතුවා. ඒක නිසා තමයි වෙන දෙයක් වෙන්න මේක පටන් ගත්තේ. අපිට ඉන්න මාලිනී අක්කා රවී අයියා අපි බලාගන්න ඕන ඒ අයව. ඒක හැමදාම කරනවා.
මේ චිත්‍රපටයෙන් කාටවත් හානියක් වෙන්නෙ නැහැ. ඒක සුනෙත් මාලිංග කියයි. අරුණ ජයවර්ධනත් ඉන්නවා මාත් එක්ක. අපි ඉතාම හොඳ දක්ෂයෝ ටිකක් තෝරගෙන තියෙනවා. ලංකාවේ ඊට වැඩිය හොයාගන්න බැරිවෙයි මට. මේක ඉතාම වටින චිත්‍රපටයක් වෙයි. හැමෝගෙම ආශිර්වාදය බලාපොරොත්තුවෙනවා.
පොඩි පොඩි ගොසිප් ටිකක් ගියා, ඒකෙන් තවටිකක් අපිට ප්‍රචාරයක් හම්බ වුණා. ඒක නවත්තන්න එපා. හොඳමට ගහන්න.. ජයන්ත ධර්මදාසට ගහන්න ගහන්න නවලෝකයට ප්‍රචාරයක් හමබ්වෙනවා. මම ආස ඒකයි.
මේ ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නේ නැහැ කව්රු මොනවා කිව්වත්. ඉස්සරහටම යනවා. ඔයගොල්ලන්ගේ ආශිර්වාදය මම බලාපොරොත්තුවෙනවා. අපි ඉස්සරහට යන්... ස්තුතියි. ''
උපුටා ගැනීම අවසන්.
ජයන්ත ධර්මදාසගේ මේ ප්‍රකාශය සමබන්ධයෙනුත් ඒවගේම ගාමිණී ෆොන්සේකා මහතාගේ පවුලේ අයව දැනුවත් නොකළ බවත් ඔවුන්ගෙන් කිසිදු අවසරයක් මේ චරිත නිරූපණයට ලබාගෙන නැති බවත් එතුමාගේ පුතා සිදුකළ ප්‍රකාශයත් සමඟ දැඩි කතාබහකට මේ චිත්‍රපටය ලක්වී තිබේනවා.
මේ ගැන ඔබෙ වටිනා අදහස පහළින් කමෙන්ට් කරන්න....




