රන්ජන් රාමනායක අධ්යක්ෂනය කළ 'OIC ගඩාෆි' චිත්රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා යම් මුදල් ප්රමාණයක් අවශ්ය වූ විට ජයන්ත ධර්මදාස රුපියල් ලක්ෂ පනහම මුදක් ලබාදුන් බව රන්ජන් රාමයක මාධ්ය වෙත ප්රකාශ කළේය. ඒ සිනෙස්ටාර් පදනම විසින් සංවිධානය කළ අවුරුදු උත්සවයකදීය.
උපුටා ගැනීම..
'' සිනෙස්ටාර් කියන්නේ අපිව එදා ඉඳලා බලාගත්ත ආයතනය නංගී. මට මේක ප්රසිද්දියේ කියන්නත් ඕන මම ෆිල්ම් එක කරලා අන්තිම ටික හිරවෙලා ඉද්දි ජයන්ත ධර්මදාස මහත්මයා තමයි ලක්ෂ 50ක් එව්වේ රිලීස් කරගන්න කියලා. කිසිම agreement එකක් නැතුව, චෙක් එකකිනුත් නෙවෙයි කෑෂ් වලින්මයි දුන්නේ. මම මේක ප්රසිද්දියේ කිව්වා, ඒත් එයා ප්රසිද්දියේ එහෙම කියන්නේ නැතුව කොච්චර උදව් කරලා තියෙනවාද. එයා අපිට ලොකු වස්තුවක්. ෆිල්ම් එක කරලා ගඩාෆිට හිර වෙලා ඉද්දි අන්තිමට උදව් කළේ ජයන්ත ධර්මදාස.''
උපුටා ගැනීම අවසන්.
මේ වනටිට රන්ජන් රාමනායකගේ 'OIC ගඩාෆි' චිත්රපටය දිවයින පුරා තිරගතවන අතර ජයන්ත ධර්මදාස විසින් රැජිණියේ නමින් මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව පාදක කරගනිමින් චිත්රපටයක් ද නිර්මාණය කිරීම ආරම්භ කර ඇත




