ඇත්තටම මිනිස්සුන්ගේ ලස්සන තියෙන්නේ පෙනුමේ නෙවෙයි, තව කෙනෙක්ගේ සතුටකදී තමන්ගේ හදවතට දැනෙන අවංක සතුට ඇතුළෙයි. වොල්ගා කල්පණි, ශනුද්‍රි ප්‍රියසාද්ගේ විවාහ මංගල්‍යය දවසේ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තබපු ඒ සංවේදී සටහන කියවද්දී අපට දැනුණෙත් ඒ වගේම ලස්සන හැඟීමක්.
සැබෑ මිතුරියක් කියන්නේ තමන්ගේ යාළුවා ලස්සනට ඉන්නවා බලලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ට
මම දැකපු ලස්සනම wedding එක.
ශනුද්‍රි, ඇත්තටම එදා ඔයා ලස්සන සුරංගනාවියක් වගේ. මම ඈතට වෙලා ඔයාලා දෙන්නා දිහා බලන් හිටියා. සතුටු කඳුළු පෙන්නන්න බැරි නිසා රෑ වෙලා තමයි ළඟට ඇවිත් සුබ පැතුවේ..
ඇය ශනුද්රිව දකින්නේ හුදෙක් නිළියක් විදිහට විතරක් නෙවෙයි, ජීවිතේ ජයගන්න මහන්සි වෙන "ආදර්ශමත් ගැහැනු ළමයෙක්" විදිහටයි. තවත් කෙනෙකුගේ කැපවීම අගය කරන්න පුළුවන් නිහතමානීකම වොල්ගා ළඟ තියෙනවා. අවසානයේ තමන්ගේ අසල්වැසියන් විදිහට ඔවුන්ව ආදරයෙන් පිළිගන්නා ඒ සුහදශීලී බව ඇත්තටම අගය කළ යුතුයි.
වොල්ගා, ඔබේ ඒ ලෙන්ගතු හදවතටත්, අලුත් ජීවිතයක් අරඹපු ශනුද්‍රි ඇතුළු දෙපළටත් අපේ උණුසුම් සුබ පැතුම්!




