1990 වසරේදී අතිශය ජනප්රියත්වයට පත් වූ 'Days of Thunder' ක්රියාදාම චිත්රපටයේ දෙවන කොටස (Sequel) 2028 ජූනි 2 වන දින ලොව පුරා සිනමාහල් වෙත නිකුත් කරන බව සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස් (Tom Cruise) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
2026 අගෝස්තු 29 වන දින ෆ්ලොරිඩාවේ ඩේටෝනා ජාත්යන්තර රේසිං ධාවන පථයේ (Daytona International Speedway) පැවති NASCAR තරගාවලිය අතරතුරදී, සුපිරි නිළි ඈන් හැත්වේ (Anne Hathaway) සමඟ එක්ව විශේෂ වීඩියෝ පණිවිඩයක් මගින් මෙම තොරතුරු අනාවරණය කරන ලදී. මෙම සිනමාපටය හරහා ටොම් කෲස් සහ ඈන් හැත්වේ ප්රථම වරට එකට රංගනයෙන් එක්වීම විශේෂත්වයකි.
මෙහිදී ටොම් කෲස් (Tom Cruise) සිය මුල් චරිතය වන සුප්රකට නාස්කාර් රියදුරු 'කෝල් ට්රිකල්' (Cole Trickle) ලෙස යළි පණ පොවන අතර, ඈන් හැත්වේ (Anne Hathaway) රේසිං කණ්ඩායම් හිමිකාරිනියක සහ ඉංජිනේරුවරියක ලෙස චරිත නිරූපණය කිරීමට නියමිතය. ජොනතන් ලෙවින් (Jonathan Levine) විසින් අධ්යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණය IMAX, Dolby Cinema සහ 4DX වැනි නවීනතම තාක්ෂණික ආකෘති ඔස්සේ ප්රේක්ෂකයින්ට සජීවී අධිවේගී අත්දැකීමක් ගෙන දෙන අයුරින් පැරමවුන්ට් පික්චර්ස් (Paramount Pictures) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබයි.

















