රන්දා අබ්දෙල්-ෆත්තාහ් (Randa Abdel-Fattah) යනු Sydney හි උපත ලැබූ Palestinian–Australian ලේඛිකාවක්, නීතිඥවරියක් සහ ශාස්ත්රඥවරියකි. ඇය 1979දී Sydney හි උපත ලබා ඇති අතර, ඇගේ පියා Palestinian පසුබිමකින්ද, මව Egyptian පසුබිමකින්ද පැමිණෙයි.
ඇගේ සාහිත්ය කෘති තුළ අනන්යතාව, racism, Islamophobia, migration, දේශපාලනය සහ Palestinian අත්දැකීම වැනි සංකීර්ණ සමාජ ප්රශ්න නිරන්තරයෙන් මතු වේ.
ඇගේ නවතම වැදගත් නවකතාව වන Discipline (2025) ඕස්ට්රේලියාව තුළ Palestine–Israel ගැටුම, මාධ්ය ආඛ්යානය සහ Palestinian voices පිළිබඳ දැඩි ප්රශ්න මතු කරයි.

මතභේදය ආරම්භ වන්නේ මෙතැනිනි.
ඕස්ට්රේලියාවේ ප්රධාන සාහිත්ය උත්සවයක් වන Adelaide Writers’ Week වෙත Discipline පිළිබඳ කතා කිරීමට ඇයට ආරාධනා කර තිබුණි.
නමුත් 2026දී එම ආරාධනය ඉවත් කෙරිණි.
ඒ තීරණයට විරෝධය පළ කරමින් ලේඛකයන් 180කට ආසන්න පිරිසක් උත්සවයෙන් ඉවත් වූ අතර, අවසානයේ 2026 Adelaide Writers’ Week අවලංගු කිරීමට සිදුවිය.
රන්දා අබ්දෙල්-ෆත්තාහ් (Randa Abdel-Fattah)
එහෙත් කතාව එතැනින් අවසන් වූයේ නැත.
2026 සැප්තැම්බර් 4 වන අද දින, එම මතභේදයේ මධ්යයේ තිබූ Discipline නවකතාව South Australian Literary Awards හි Fiction Award shortlist එකට තේරී තිබේ. එය $15,000 Fiction Award සඳහා තරග කරන අතර, සමස්ත Premier’s Award සඳහාද අවසන් තරගකරුවෙකු බවට පත්ව ඇත.
එහි ඇති විශාලතම irony එක මෙයයි—
කතුවරියගේ හඬ සීමා කිරීමට උත්සාහ කළ මොහොතක, ඇගේ කෘතිය තවත් විශාල හඬක් ලබාගෙන ඇත.
















