lan englan tam

à පුවත්

ශ්‍රී ලංකාවෙන් ඔස්කාර් සම්මාන උළෙලට චිත්‍රපටයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

99 වැනි ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව පවසයි.

ඒ අනුව, 2025 ඔක්තෝබර් 01 වැනිදා සිට 2026 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ තිරගත වූ චිත්‍රපට 37කට මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

වසර 100කට ආසන්න ශ්‍රී ලංකා සිනමා ඉතිහාසය තුළ රාජ්‍ය මට්ටමින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්මාණයක් ඉදිරිපත් කර නොමැති බවද සුදත් මහදිවුල්වැව සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මේ සඳහා චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට නම්, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය සහිතව මෙරට සිනමා ශාලාවක අඛණ්ඩව දින හතක් ප්‍රදර්ශනය කර තිබීම ඇතුළු නිර්ණායක රැසක් සපුරාලිය යුතු වේ.

එමෙන්ම චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 40කට වැඩි වීම, අධ්‍යක්ෂවරයා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම, චිත්‍රපටයේ භාෂාව සිංහල හෝ දෙමළ වීම, රංගන ශිල්පීන්ගෙන් බහුතරයක් ශ්‍රී ලාංකික පුරවැසියන් වීම සහ කාර්මික ශිල්පීන්ගෙන් අවම වශයෙන් සියයට 50ක් ශ්‍රී ලාංකික පුරවැසියන් වීම ඇතුළු තවත් කරුණු රැසක් සම්පූර්ණ කළ යුතු බවද සඳහන් කෙරිණි.

සුදත් මහදිවුල්වැව මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

CINEMAMEETING

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත කොටුවැල්ල, සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා පාලන) ලංකා ධර්මවික්‍රම, රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති අනුරුද්ධ ජයසිංහ සහ විදේශ චිත්‍රපට උළෙල සම්බන්ධීකාරක උදිත ලක්මාල් කහඳවආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

kemadasa

shungara

Back to top
Go to bottom