බොලිවුඩ් රංගන ශිල්පී රන්විර් සිං ට අමතක නොවන ආකාරයේ උපන් දින ත්‍යාගයක් හිමිවීමට යන බව අපට වාර්තා වුණා.
අද දිනට යෙදී ඇති රන්විර්ගේ 32වැනි උපන් දිනය වෙනුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර සුප්‍රකට ග්‍රෙවින් ඉටි කෞතුකාගාරයට ඔහුගේ ඉටි රුව එක් කිරීමේ සුදානමක් පවතින බව සඳහන්.
පසුගිය වසරේ ඔක්තෝබර් 11 වැනිදා බෙෆිකර් සිනමාපටයේ රූපගත කිරීම් සිදුවන අතරතුරේදී මුර්ති ශිල්පී එරික් සෙන්ට් සහ කෞතුකාගාර නිර්මාණ කණ්ඩායම රන්විර් හමුවී ඔහුගේ සිරුරේ මිනුම් ලබාගෙන ඇති අතර ඉටි නිර්මාණයේ ඉදිරි කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර තිබුණි.
“මට එය ඇත්තටම සුවිශේෂී උපන්දින ත්‍යාගයක්. මම කෞතුකාගාරයට ස්තුතිවන්ත වනවා ඔබ සමීපයේ වගේම ඔබ හදවතේ ස්ථිර තැනක් මා වෙනුවෙන් වෙන් කළාට,” රන්විර් උපන් දින ත්‍යාගය පිළිබඳව සිය සතුට පල කළේ ඒ ආකාරයටයි.
ශාරුක් කාන් සහ අයිශ්වර්යා රායිගෙන් පසුව මෙම අවස්ථාවට හිමිකම් කීමට ලැබෙන තෙවැනි බොලිවුඩ් තාරකාව වන්නේ ඔහුයි.
https://casite-737679.cloudaccess.net/news/1469-2017-07-06-06-04-09#sigProIdde1b85dbb6