ලෝක රූ රැජිනක්, දක්ෂ රංගන ශිල්පිනියක් යන මේ සෑම අයුරින්ම හඳුන්වන්නට හැකි සුරූපී අයිශ්වර්යා රායි බච්චන්ගේ නවතම සිනමාපටය “ෆැනී කාන්” ලබන වසරේ අප්‍රේල් මස ප්‍රේක්ෂකයා වෙත ලබා දීමේ බලාපොරොත්තුවක් ඇති බව එහි සංවිධායකයෝ පවසති.
මෙම සිනමාපටයේ විශේෂත්වය වන්නේ වසර 17 කට පසු අයිශ්වර්යා සහ අනිල් කපූර් එක්ව රංගනයේ යෙදෙන අයුරු දැකගන්නට හැකි වීමයි.
සිනමාපටයේ රූපගත කිරීම් එළැඹෙන අගෝස්තු මස ආරම්භ කිරීමට නියමිතව ඇත.
මිට පෙර අයිශ්වර්යා සහ අනිල් එක්ව රඟපෑ සුබාෂ් ගායිගේ “තාල්”, සතිෂ් කෞශික්ගේ “හමාරා දිල් ආප්කේ පාස් හේ” චිත්‍රපට වාර්තා තබමින් තිරගත විය.