තරුණ සංවාදය: යහපත් රටක් හදන්නට සමාජ මාධ්‍ය
සමාජ මාධ්‍යවලට ප්‍රජා සංවර්ධනයට දායක වෙන්නට පුළුවන් කොහොමද යන තේමාව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය හා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබේ.
දිනය: ජුලි 18 / වේලාව: පෙ.ව. 10 සිට 12 දක්වා
ස්ථානය: ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය, හෝර්ටන් පෙදෙස, කොළඹ 7
සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යවලින් සමාජ මාධ්‍යවල යෙදී සිටින ප්‍රධාන ක්රියාකාරිකයන් තිදෙනෙකු සංවාද සභාව අමතනවා.
නදී වාසලමුදලිආරච්චි (nadiewma), ලේඛිකා, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
පී. ගෝපිහරන් (@gopiharan)- සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
හිමාල් කොතලාවල (@himalkk) ජනමාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය බලපෑම්කරු
සාකච්ඡාව භාෂා තුනෙන් මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ එම්.සී. රස්මින් විසිනි.
(සහභාගි වන සියලු දෙනාට ඒ මොහොතේ ම හෙඩ්ෆෝන් මගින් භාෂා තුනෙන් ම පරිවර්තන ලබා ගත හැකි ය.)
මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ප්‍රජාව විසින් ධාවනය කරනු ලබන ඩිජිටල් ජනමාධ්‍ය අන්තර්ගත වේදිකාවක් හා තරුණයන් සඳහා විකල්ප මාධ්‍ය අවකාශයක් වන www.iVoice.lk විසිනි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරනු ඇත.
පහත සබඳතා පුරුක ඔස්සේ ලියාපදිංචි වන්න. (සමරු තිළිණ, ශබ්ද උපකරණ, සංග්‍රහ වැනි කරුණු නිසා ඔබගේ පැමිණීම තහවුරු කිරීම ඉතා වැදගත් බව සංවිධායකයන් පවසනවා.) ඔබේ හඬට ඉඩක්! http://bit.ly/2sp7X4J
@ivoice.lk සමග සම්බන්ධ වන්න. මෙම වැඩසටහන සජීවීව විකාශය කරනු ලැබේ.
සම්බන්ධව ඉන්න #iVoice
w3lanka