ලොව මහත් ප්‍රසිද්ධියට පත් “ඔෂීන්” ටෙලිනාට්‍ය මාලාවේ ඔෂීන් ලෙස රඟපෑ 'අයකෝ කොබයාෂි' විශේෂ ආරාධිතයෙක් ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර පවත්නා මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකා ජපන් තානාපතිවරයාගේ සහයෝගය මත ජපන් ශ්‍රී ලංකා “එක්ස්පෝප්රිමියර් 2017” ප්‍රදර්ශනය සඳහා සහභාගීවේ.
පෙබරවාරි 03,04 සහ 05 වන දිනයන්හි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේදී මෙම “එක්ස්පෝප්රිමියර් 2017” ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙහිදී ජපානයට ආවේනික වූ සුමෝ ක්‍රීඩාව, සංගීත සන්දර්ශන ඇතුළු ප්‍රසංග ඉදිරිපත් කෙරේ. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය සම්බන්ධීකරණ හා පූර්න මාධ්‍ය අනුග්‍රහය එම්.බී.සී මාධ්‍ය ජාලයෙන් සිදුකරන අතර ඇතුළුවීම නොමිලේ.