ලිංගික අඩන්තේට්ටම් සහ අපයෝජන සිදු කිරීම නිසා 23 වසරක සිර දඬුවමක් හිමි වූ හිටපු සිනමා නිෂ්පාදක හාවී වින්ස්ටන් ඉකුත් බදාදා (18) දින නිව්යෝක් නුවර පිහිටි අධි ආරක්ෂිත බන්ධනාගාරයකට යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
67 හැවිරිදි ඔහු ඒ අනුව, ඇල්ඩන් පිහිටි Wende Correctional Facility බන්ධනාගාරය වෙත යොමු කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර යි.
වින්ස්ටන්ගේ සිර දඬුවම් අවසන් වන ආසන්තම දිනය වන්නේ 2039 නොවැම්බර් 9 වැනිදා යි.
හොලිවුඩයේ සිටි වඩාත් බලගතු පුද්ගලයෙක් ලෙස කලක දී නම් දැරූ වින්ස්ටන්, හිටපු නිෂ්පාදන සහයිකාවකට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම සහ රංගන ශිල්පිනියක ලිංගික අපයෝජනයට ලක් කිරීම යන චෝදනාවලට වරදකරු වුයේ පසුගිය පෙබරවාරි 24 වැනිදා ය.
එසේම, ජනප්‍රිය රංගන ශිල්පිනියන් ඇතුළු කාන්තාවන් සිය දෙනකුට වැඩි පිරිසක් වින්ස්ටන් වෙත චෝදනා එල්ල කර තිබුණි.
හොලිවුඩයේ රැකියා අවස්ථා දෙන බව පවසමින් හෝටල් කාමර හෝ පෞද්ගලික නිවාසවලට ගෙන්වා ගැනීමට කාන්තාවන් පොළඹවාගෙන පසුව ඔවුන් බලහත්කාරයෙන් යටත් කරගැනීම සහ ප්‍රචණ්ඩකාරීව පහර දුන් මේ හිටපු සිනමා නිෂ්පාදකයා දාම විලෝපිකයෙක් ලෙස නීතිඥවරු විසින් හඳුන්වා දී තිබුණි.