lan englan tam

පුවත්

උද්දික යළි නළුවෙකු පමණක් වෙයි  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නළුවකුව සිටියදී දේශපාලනයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වූ උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. 

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ ඔහු පසුගිය වසරේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට පියවර ගත්තේය. 
 
මෑතකදී ඔහුගේ නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන්ද ඔහු ගැන විශේෂ අවධානයක් ලැබිණි. 
 
කෙසේ නමුත්, දේශපාලන කටයුතු හේතුවෙන් කලා ක්ෂේත්‍රය තුළ උද්දිකගේ ක්‍රියාශීලී රඟපෑම් නිතර දකින්නට නොලැබුණ අතර මෙතැන් සිට ඔහු කලා කටයුතු වෙත පමණක් පෙර පරිදිම අවධානය දෙන්නේද යන්න ගැන ඔහුගේ දේශපාලන හිතවතුන්ට වඩා රසික පාර්ශ්ව අවධානය දක්වති. 
නමුත්, උද්දික ඒ පිළිබඳව පැහැදිලි අදහසක් පළ කර නොමැත. 
 
අද (27) උදෑසන කථානායක වෙත උද්දික ඔහුගේ අස්වීමේ ලිපිය යොමු කර තිබේ.
Back to top
Go to bottom

Popular News