lan englan tam

පුවත්

චීන - ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වයට කාව්‍යමය එළඹුමක්!   

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඓතිහාසිකව පැවත එන චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය

අලුත් කරමින් වාර්ෂික 'සබුද්ධි චීන - ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව' ආරම්භක කෙරිණි. 

ඒ මාර්තු 31 වැනිදා කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදීය. 
 
කාව්‍ය සමුළුවේ 2024 සමුළුව එහිදී පැවැත්විණි.
 
සබුද්ධි කාව්‍ය සමුළුව සංවිධානය කරන මෙම කාව්‍ය සමුළුවට සංවිධාන ශක්තියෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගම සහ ශ්‍රී ලංකාවේ චීන බෞද්ධ සංගමය එක් වී තිබූ අතර සමුළුව ආරම්භය නිල වශයෙන් නිවේදනය කරමින් සබුද්ධි සභාපති තමීර මංජු මහතා පැවසුවේ චීන - ශ්‍රී ලංකා කවියේ අන්තර් සංස්කෘතික සබඳතා ගවේෂණය කිරීම සහ හඳුනා ගැනීම මෙම සමුළුවේ මූලික අරමුණ වන බවයි. 
2024 සබුද්ධි චීන ශ්‍රී  ලංකා කාව්‍ය සමුළුවේ තේමාව වූයේ 'සිංහල කවියේ චීන සලකුණු' යන්නයි. 
 
සමුළුවේ මුලසුන සම්මානනීය සාහිත්‍යවේදී රංජිත් මල්ලියාවඩු විසින් දරනු ලැබිණි. සමුළුවේ ආරම්භක දේශනය  ශ්‍රී ලංකාවේ චීන මිත්‍ර තානාපති, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය් සභාපති, ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා සිදු කළේය. 
 
2023 චීනයේ විශේෂ චීන පොත් සම්මානය දිනූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් දිනේෂ් කුලතුංග, සම්මානනීය සාහිත්‍යවේදී පරාක්‍රම ඒකනායක, සාහිත්‍යවේදී සිසිර ගමගේ, සාහිත්‍යවේදී සඳුන් ජයවර්ධන යන මහත්වරුන් සමුළුවේ පූර්විකා දෙසුම් පැවැත් වූහ. චීන කවියේ හැඩරුව යන මාතෘකාවෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා  පාලි විශ්ව විද්‍යාලයේ භාෂා නිපුණතා සංවර්ධන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිමාලි ප්‍රියංගිකා මහත්මියත් සිංහල කවියේ චීන සලකුණු යන මාතෘකාවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක රණසිංහ මහතාත් ශාස්ත්‍රීය දෙසුම්  පැවැත් වූහ.
 
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර, ලක්හඬ රේඩියෝවේ සම්මානනීය ක්‍රීඩා මාධ්‍යවේදී නුවන් උදාර කරුණාරත්න යන  ආරාධිතයින් ඇතුළුව කවි කිවිඳියෝ රැසක් මෙම සමුළුවට එක් වූහ. 
 
මෙවර සබුද්ධි චීන - ශ්‍රී ලංකා  කාව්‍ය සමුළුව අවසන් වූයේ චීන කවිය කෙරෙහි  උනන්දුවක් දක්වන සහ කාව්‍ය කුසලතා ප්‍රකට කරන සබුද්ධි  කවිකතා සමූහයේ  සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරමින් සිදු කළ සහතික පත්‍ර ප්‍රදානයෙනි.
 
සමුළුව අවසානයේ සබුද්ධි සාහිත්‍ය කවයේ ජාතික සංවිධායක සුප්‍රි සමරසිංහ මහතා පැවසුවේ චීන කවිය ශාස්ත්‍රීය අධ්‍යයන කිරීමට සබුද්ධි සාහිත්‍ය කවය ව්‍යාපෘතියක් ආරම්භ  කර ඇති බවයි.
 
සමුළුවට සබුද්ධි සාහිත්‍ය කවය නියෝජනය කරමින් එහි ලේකම් පසිඳු තරින්ද්‍ර, එහි ප්‍රධාන සංවිධායක ප්‍රියන්ත බණ්ඩාර, විධායක අධ්‍යක්ෂ  කමල් සේනාරත්න, විධායක සාමාජික තුෂාන්  නිසංසල ඇතුළුව සාමාජික සාමාජිකාවන් රැසක් එක් වූහ. සබුද්ධි මහාලේකම් ඉරෝෂණී ගල්හේන සමුළුව සංවිධානය කළේය.
Back to top
Go to bottom

Popular News