lan englan tam

පුවත්

සුදත් මහදිවුල්වැවගේ 'ලබ්බෙ අස්සෙ තොයිලේ'; My Red Comrade

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අපි අහපු ප්‍රක⁣ට ජන කතාවක් තියෙනව ලබ්බෙ තොයිලෙ කියල.ලබ්බක් ඇතුලෙ නටපු තොයිලයක් ගැන තමයි ඒ කතාවෙන් කියවෙන්නෙ.පොඩි ඉඩක හිරවෙල තදවෙලා වැඩක් කරද්දි ඒකට කියන්නෙ හරියට ලබ්බෙ තොයිලෙ වගේ කියල.කෙරුම්කාර කට්ටඩියෙකුට නම් ඉතිං ලබ්බක් ඇතුලෙ වුණත් හිතේ හැටියට තමන්ගෙ තොයිලෙ නටන එක නතිං.

අවුරුදු දහනමයකට පස්සෙ ඔන්න සුදත් මහදිවුල්වැවත් නටල තියෙනව ලබ්බෙ තොයිලයක්.හුණ්ඩුවක් තරම් ලෑලි කාමරයක් ඇතුලෙ චරිත දෙකක් දම්මල නටපු මේක නම් එසේ මෙසේ තොයිලයක් නෙවෙයි.රුවන් කොස්ත දැම්ම ගමන් ඉඩ ඇහිරෙන සයිස් එකේ ඒ කාමරේ ඇතුලෙ කට්ටිය දාන සෙල්ලං ටික විනාඩි අනූවක් අපේ ඇස් එක සීරුවට අල්ලගෙන ඉන්න එක තමයි වැඩේ.
දහඅට රියන් සෙට් ගහන් දඟලගෙන බල්ලෙකුට කටේ තියන්න බැරි රජ කතා බණ කතා චිත්‍රපටි කියල හදල ප්‍රොඩියුසර්ලගෙ පොකට් සුද්ද කරන චිත්‍රපටිකාරයො ගස් බැඳල පෙන්නන්න ඕන චිත්‍රපටියක් තමයි "මයි රෙඩ් කොම්රේඩ්" කියන්නෙ.
වැඩි විස්තරේ ලියන්නං පත්තරේ.

ප්‍රියන්ත කොඩිප්පිලි

Back to top
Go to bottom

Popular News