ඊයේ නිකුත් කරපු සනුක වික්‍රමසිංහගේ අලුත්ම ගීතය වන "ඉතින් මම ඉන්නවා" හි Music video එකේ ඔබට තරමක් හුරුපුරුදුයි වගේ හැගුන මුහුණක් දකින්න ලැබුනාද?
හරියටම කියනවා නම් එහි පාසල් ශිෂ්‍යාවක ලෙස රංගනයක් ඉදිරිපත් කරන යොවුන් තරුණිය ටිකක් සමනලී ෆොන්සේකාගේ හැඩහුරුකමට සමානයි නේද කියලා හිතුණ කවුරුහරි ඉන්නවද?
ඔව් එහෙම හිතුනොත් ඒකේ වරදකුත් නෑ. මේ Music video එකට රංගනයෙන් එක් උනේ සමනලී ෆොන්සේකාගේ වැඩිමල් සහෝදරයාගේ දියණිය වන කුෂේන්‍යා ෆොන්සේකා.
මාලිනී ෆොන්සේකාගේ සහෝදරයාගේ පුතාගේ දුව වන කුෂේන්‍යා අපට මුලින්ම ළමා නිළියක් ලෙස දකින්න ලැබෙන්නේ "දැකලා පුරුදු කෙනෙක්" ෆිල්ම් එකේ සමාධි සහ බිමල්ගේ දුව විදිහට.
පස්සේ "රූකඩ පැංචී" ෆිල්ම් එකේ ප්‍රධාන ළමා නිළිය විදිහට කුෂේන්‍යා අපට දකින්නට ලැබුනා.
ඉන් පසුවයි මේ අයුරින් යොවුන් පෙම්වතියකගේ චරිතයෙන් කුෂේන්‍යා අපට දකින්න ලැබෙන්නේ.
සනුක වික්‍රමසිංහගේ අලුත් ගීතයේ music video ව හරහා ඇය එක්වන්නේ කෙටි රංගනයකට උනත් ඇයගේ භාවාත්මක රංගන හැකියාව මේ මගින් හොඳින් දැකගන්න පුළුවන්.
ඒ වගේම මාලිනි රඟපෑ අවසන් සිනමා රංගනය වන කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ අධ්‍යක්ෂනය කළ "මලකි දුවේ නුඹ" චිත්‍රපටියේත් මාලිනී සහ සමනලී සමගින් කුෂේන්‍යා ඔබට නුදුරේදීම දැකබලාගන්න පුළුවන්.
ඉතින් ඉදිරියේදී ෆොන්සේකා පවුලේ තුන්වෙනි පරම්පාරවේ රංගනයනුත් දැකගන්න ලැබෙනවා කියන එක හරිම අපුරුයි නේද?
කුෂේන්‍යා රංගනයෙන් දායක උන සනුක වික්‍රමසිංහගේ අලුත්ම ගීතයත් පහත වීඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්
(තොරතුරු - 'සිනෙමායා Entertainment' facebook පිටුව ඇසුරිනි)