විද්‍යා බාලන් කියන්නේ හින්දි සිනමාවට ආදරය කරන රසිකයන්ට නම් නුපුරුදු නමක් නෙමේ.
ඒ වගේම විද්‍යා බාලන් විශේෂ වෙන තවත් හේතුවක් තියෙනවා. ඉන්දියනු සිනමාව ඇතුළේ මුලින් කාන්තාව නිරූපණය උන විදිහක් තියෙනවනේ. මේ විදිහ වෙනස් කරලා කාන්තාව මූලිකත්වය දරණ භූමිකාවක් නිරූපණය කරන චරිත දක්වා වෙනස් වෙන්න දායක උන පුරෝගාමී චරිතයක් විදිහටත් ඇයව හඳුන්වනවා.
ජාතික චිත්‍රපට සම්මාන, film fair awards වගේම ඉන්දියානු පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානත් ඇයට 2014 වර්ෂයේ පිරිනමලා තියනවා.
Kahaani, Ishqiya, The dirty picture, Tumhari sulu, paa, parineeta, Bhool Bhulaiyaa... වගේ චිත්‍රපට ඇය රංගනයෙන් එක් උන ජනප්‍රිය චිත්‍රපටි.

කොහොම උනත් මේ සටහන නම් ඇයගේ සිනමා භාවිතාවය ගැන කතා කරන්න තැබූ එකක් නම් නෙමෙයි. පසුගිය 14 වෙනිදා ජනප්‍රිය ඉන්දියානු සඟරාවක් වන ‘PEACOCK’ සඟරාව ඇගේ ආකර්ෂණීය ඡායාරූප පෙළක් නිකුත් කරලා තිබුණා. එහි මුල් පිටුව සැරසිලා තිබුනෙත් ඇගේ ඡායාරූපයකින්.

ඉතින් බොහෝ දෙනෙක් ඇයව දැකලා තිබුනේ ඉන්දියානු අනන්‍යතාවය ඉස්මතු කරන විලාසිතා වලින්නේ. හැබැයි මේ ඡායාරූප පෙළ ඇගේ සුපුරුදු විලාසිතා ශෛලිය වෙනස් කරපු සැබෑ වෙනසක් දකින්න පුළුවන් ඡායාරූප පෙළක් විදිහට හඳුන්වන්න පුළුවන්.



















