තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන "මෝඩ තරිඳු" සිංහල චිත්‍රපටය ඊයේ (10) දිනයේ සිට දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත කිරීම් ආරම්භ කරනු ලැබූවා.
චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ කොළඹ ‘PVR’ සිනමා ශාලාවේදී යි.
මෙම අවස්ථාවට චිත්‍රපටයේ නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායම මෙන්ම කලා ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රවල තවත් ආරාධිතයින් රැසක් එක් වී සිටියා.
සුර්යා දයාරුවන් ප්‍රධාන චරිතය නිරූපණය කරන මේ චිත්‍රපටයට,
කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින්.
කැමරාකරණය හසිත වර්ණසූරිය විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19 මගිනි.
චිත්‍රපටය තිරගත වන සිනමා ශාලාවල විස්තර දැනගැනීම සඳහා - Click Here
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.
ඡායාරූප හිමිකම 'Shifter Photography' සතුයි.
(පහත ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකිය)
https://casite-737679.cloudaccess.net/news/86-photo-note/11773-photos#sigProIdfcbc6a0091















