lan englan tam

පුවත්

Dhak Dhak (2023)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
රෝද 4කින් යනවට වඩා රෝද 2කින් ට්රිප් එකක් යද්දි ඒක මාර විඳිහට ඇගට ෆීල් වෙනවා. (ටිකක් විතර පශ්චාත් භාගයට අමාරුයි. ඒත් ඒක මාර අත්දැකීමක්) අත්දැකීමෙන් කියන්නේ මේක.

 කුරුණෑගලින් පටන් අරන් කොළඹ, අලුත්ගම, ගාල්ල, මාතර, හම්බන්තොට, කතරගම, වැල්ලවාය, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, වැලිමඩ, නුවරඑළිය, මහනුවර හරහා නැවතත් කුරුණෑගලට කි.මි. 704ක් දවස් 3කින් වෑන් එකක ගියා.

වගේම කුරුණෑගල, මහනුවර, නාවලපිටිය, හැටන්, තලවකැලේ, නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ, ඔහිය, හොටන් තැන්න, නැවතත් බණ්ඩාරවෙල, කොත්මලේ හරහා කුරුණෑගලට කි.මි. 464ක් දවස් 5ක ගමනක් ගියා.
තව දවසක් කුරුණෑගල, මහනුවර, හසලක, මහියංගනය, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය, තලවකැලේ, නාවලපිටිය, මහනුවර හරහා කුරුණෑගලට කි.මි. 404ක් දවස් 4ක් බයික් එකේ ගියා.
මේකත් ඒ වගේම කතාව. බයික් පිස්සුව තියෙන කෙල්ලෝ 4 දෙනෙක් (ඇත්තටම එක්කෙනෙක් නම් 60 පැන්න ආච්චි කෙනෙක්) අඩි 18380ක් උස ලෝකයේ ඉහළම මෝටර් බයිසිකල් ගමනාන්තය කරා යන්න තීරණය කරනවා. මේක හැම බයිසිකල් කාරයෙක්ගේම සිහිනයක්. දිල්ලිවල සිට කිලෝමීටර් 974ක් දුරින් පිහිටි මේ කර්ඩුංලා කියන තැනට තමයි මේ අය යන්නේ. ඒ රෝයල් එන්ෆිල්ඩ් බුලට් බයිසිකල් 4කින්. ඒ යන ගමන් කරන වීඩියෝ ව්ලොග් එක තමයි මුළු කතාවටම තේමා වෙන්නේ.
මේ හරියට දුල්කර් සල්මාන්ගේ නීලකාශම් පචකදල් චුවන්න භූමි කියන 2013 ආව ෆිල්ම් එක වගේ කතාවක්. මේකේ දුල්කර් තමන්ගේ නේපාලයේ ජීවත් වන තමාගේ පෙම්වතිය සොයාගෙන කේරළයේ සිට තමන්ගේ හොඳම මිත්රයා එක්ක බුලට් බයිසිකල් 2කින් යන ගමනක් සහ ඒ ගමනෙදි අත්විදින අත්දැකීම් තමයි චිත්රපටයට පාදක කර ගන්නේ. ඒ වගේම කතාවක් තමයි මේකත්.
අවුරුදු 60ත් පැනපු ස්වාමියා මිය ගිය එහෙත් පොඩි ට්රැවලින් පිස්සුවකින් ඉන්න ආච්චි අම්මා කෙනෙක්, පෙම්වතාගේ ෆෝන් එකේ තිබුණ තමන්ගේ නිරුවත් ඡායාරූප ලීක් වුණ නිසා අවුලකින් ඉන්න යූටියුබර් කෙනෙක්, ගෙදරට බයේ තමන්ගේ හීන කියන දේවල් මරා දාපු කෙල්ලෙක් සහ ගෙදරටම සිරවෙලා ඉන්න මුස්ලිම් එක්දරු මවක් තමයි මේ ගමන යන්නේ. ඒ යන අතරමග වෙන අකරතැබ්බි කරදර සහ ඒවා ඔවුන් මැනේජ් කරගන්නා ආකාරය හරි ලස්සනට මේ ෆිල්ම් එක පුරා නිරූපණය කරනවා. ඔවුන්ට අහිමි වුණ ජීවිත සොයා යන පාද චාරිකාවක් මේක.
ෆිල්ම් එකේ ඉන්න ප්රධාන චරිත 4 දිහා බැලුවම හිතාගන්න මේ ෆිල්ම් එක කොයි තරම් ඉන්ටරෙස්ටින් එකක්ද කියලා.
Back to top
Go to bottom

Popular News