ඔන්න ඊට පස්සෙ මොන්ටිසෝරි කාලෙ . ඒ කාලෙ තිබුන ලොකුම නැටුම තමයි පූජා නැටුම. ඔන්න ඉතින් ඒකට මාත් තේරුණා .. දැන් ඉතින් පිස්සු වගේ . සෑහෙන උනන්දුවෙන් මොන්ටිසෝරි යනවා නටන්න ඔනෙ නිසා . ඒත් concert එකට දවසට දවස් 2/ 3 තියලා මට තේරෙනව මම එකට නටන්න නෑ කියල . කළු වීම තමා ඒකටත් හේතුව උනේ. ඒත් ඉතින් අත ඇරියෙ නෑ අනිත් එව්ව නැටුවා පිස්සු හැදිලා වගේ . අන්තිම දවසෙ අම්මා ළගට ගිහින් ඇඬුවේ ඊලග ආත්මෙ හරි පූජා නැටුම නටනවා කියලා .
පුවත්
නෙත්කළු නැටුමක සිත්කළු කතාවක්
පොඩි කාලෙ ඉදන් මට තිබ්බ එකම හීනේ dancer කෙනෙක් වෙන්න . එත් කොහොම ද ? කවදා ද කියල කිසිම idea එකක් තිබ්බෙ නෑ . ඉස්සෙල්ලා ම නැටුම් පන්තියකට කියලා ගියේ අවුරුදු 3 අප්පච්චිගෙ අතේ එල්ලිල රංගනාථ sir ( සීයා ) ළගට . මුකුත් දන්නේ නැති උනාට .ඉස්සරහට ම ගිහින් හිටගන්නව මතකයි.
එදා ඉදන් මගේ ජීවිතයේ ලොකුම target එක් තිබ්බෙ පූජා නැටුම නෑටීම. මට ඒක 5 වසර වෙද්දී නටාගන්න පුලුවන් උනා . ජිවිතේ හම්බ උන ලොකුම දේ හම්බවෙලා වගේ තමයි ඒක නැටුවෙ. ඔය අතරට කලු වීම හේතුකොට ගෙන සමහර නැටුම් වල පිටිපස්සෙ පේලියේ නටන්න /( මාව පේන් නෑ ඉතින් මම ලොකු මනුස්සයෙක් නෙමෙයි පොඩියි ) stage එකෙන් බිම නටන්න වගේ එවා උනා. මට ප්රශ්නයක් නෑ ඉතින් මනුස්සයෙක් විදිහට පොඩ්ඩක් එවෙලෙට දුක හිතුනට මට ඔනෙ උනේ කොහෙ හරි කමන් නෑ නටන්න විතරයි . ශිෂ්යත්වයට උනත් මම ගියේ dancing class විතරයි . තව සුනාමි තරගත් ගියා . 2004 සුනාමියෙන් පස්සේ 2005 ආව තරග වල මාතෘකාව උනේ සුනාමිය. ඉස්කෝලෙ යන කාලේ කළු වීම පිළිබඳ පුදුම අවුලක් තිබුනේ. අනිත් එක තමයි නටන්න makeup කරාම මම අනිත් අය ගානටම සුදු වෙනවා එතකො මට නිකන් දැනෙන්නෙ වෙස්මූහුණක් දාලා වගේ. සමහර perform කරන අවස්තාවල් වලදී Makeup කරන්න බැරි වෙලා ඉස්සරහා හිටපු මාව ඇදලා පිටිපස්සට දාපු වෙලවලුත් තියනවා.
ඊට පස්සේ හැම අවුරුද්දකම මට මතක තරග ගියපු එවා විතරයි . මම කොහොමත් පන්තියේ ඉඳලම නෑ .
A/L කරන කාලෙ වැඩිය නටන්න හම්බ උනේ නෑ බෙර තමයි ගැහුවේ . එහෙමයි කියල නටන්න තිබ්බ පිස්සුව ඉවර උනේ නෑ තාම .ඔය අස්සේ අප්පච්චි නැති උනා ඊට පස්සෙ තමයි හීන ලොකෙන් එලියට ආවේ.
ඉන්දියානු හීනය සපල උනාට පස්සේ මම හිටියේ කල්කටා වල අදටත් මතක් උනාම ගෙදර වගේ . කල්කටා ගියාම මගෙ තිබුන කලුයි කැතයි කියන හීනමානෙ කුඩු වෙලා ගියා. එහෙ මිනිස්සුන්ට කලු කියන එක ප්රශ්නයක් නෙමෙයි සහ හැමෝම ලස්සනයි කියන්න ගත්තාම මගෙත් ඔලුව ඇතුලෙ තිබුන කැතයි කියන එක නැති වෙලා ගියා. ටිකක් කල් ගියා හැබැයි මටත් නොදැනීම නැති වෙලා ගියා. මගේ ජීවිතේ පලවෙනි පාරට නටන්න perform කරන්න කළු කියන එක ප්රශ්නයක් නෙමෙයි කියන එක තේරුනා. කළු ප්රශ්නෙ ඒ කාලෙ මට වදයක් වෙලා තිබුන ප්රශ්නයක් වගේම ඉන්දියාවට ගිය ගමන් එහෙ මිනිස්සුන්ට ඒක නැති උන එකත් මට ප්රශ්නයක්. මම අපේ Institute එකේ Ma'am එක්ක මම කිව්වා, මට ලංකාවේ දී කළු නිසා එක එක දේවල් වෙලා තියනවා, මෙහෙ මට එකේ දැනෙන්නෑ, මෙහෙම perform කරන්න දෙන chance එක මට ගොඩක් වටිනවා කියලා. එතකොට එයා මට කිව්වේ අපිට ඔයාව ඉස්සෙල්ලාම දැක්කාම මතක්නුනේ Alvin Ailey Dance Company එක කියලා. ඉතින් මට මාරම Comment එකක් ඒක. ඔය විදිහට තම මගෙ තිබුනු කළු අවුල හෙමින් හෙමින් නැති උනේ. Alvin Ailey ගැන මම පස්සේ ලියන්නම් .
කොල්කටා වල අවුරුදු 4 හිටියා. ඊට පස්සේ Lucknow වල අවුරුදු 4 හිටියා. තාමත් මම ඉන්දියාවෙ යන පිස්සුව ඉවර උනේ france වලින්. France කියන්නෙ වැඩිපුර සුදු මිනිස්සු ඉන්න රටක් උනාට එයාලාටත් කළු ප්රශ්න නෑ. එයලා කියන්නේ I wish that I had your color කියලා. මම හිටියෙ Nice ඒ කියන්නේ beach එකක් අයිනේ. ඒ නිසා මම හොදටම දන්නවා Summer එකට skin tan කරගන්න කොච්චර දගලනවා ද කියලා. ඔන්න ඔහොම තමයි කළු මමයි නැටුමයි නැවතෙන්නෙ නැතුව ඉස්සරහට යන්නේ. දැන් සුදු වෙයි කියලා බයෙන් ඉන්නේ . කොහොම උනත් ලංකාවේ තියන කළු භීතිකාව සාපයක්. ලංකාව කියන්නේ සුද්දෝ ඉන්න රටක් නම් දුක නෑ . සුදු ලස්සනයි කළු කැතයි කියලා එකකුත් නෑ කළු ලස්සනයි සුදු කැතයි කියලා එකකුත් නෑ. හැම පාටක්ම ලස්සනයි. ලංකාවේ පොඩ්ඩක් කළු උනාම පොඩි කාලෙ ඉදන් අහන, ඇහෙන දේවල් ඔලුවෙන් අයින් කරගන්න එක් ලෙසි වැඩක් නෙමෙයි. හැබැයි අද වෙනකොට මේ දේවල් ගැන හිතන විදිහ පොඩ්ඩක් වෙනස් වෙලා තියන එක ගැන සතුටුයි.
අමා නෙත්මි
-
Category
පුවත් -
Hits
224 times