lan englan tam

පුවත්

වික්ටර් අයිවන්ගේ අන්තිම කැමති පත්‍රයේ ඒක මට දෙන්න කියලා ලියා තියෙනවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වසර පනහකට ආසන්න කාලයක් වෘත්තීය මට්ටමේ විවිධ කුසලතා තහවුරු කළ තැනැත්තෙකු වන අතුල මහවලගේ මෙවර 'මතක පද' යූටියුබ් සංවාදය සමග එක් විය.

වැඩසටහන් පූරක ගැමුණු වන්නිනායක එහිදී අතුල මහවලගේ හඳුන්වා දුන්නේ "චිත්‍ර ශිල්පය, ඡායාරූප ශිල්පය, පුවත්පත් කලාව, පිටු සැලසුම්කරණය, චිත්‍රපට කලා අධ්‍යක්ෂණය, වෙළඳ පරචාරණය, නිර්මාණ අධ්‍යක්ෂණය වැනි එකී නොකී මේ හැම දෙයක්ම පිළිබඳව සමහර වෙලාවට විද්වත් කතිකාවක්, සමහර විට ඒ යුගයට සාපේක්ෂව තිබූ අපේ වචනයෙන් 'ආතල් කතා' ටිකක් අහන්න, දැනගන්න, දේවල් හදාරන්න, පුළුවන් මොහොතක් විදිහට අපිට මේ මොහොත වෙන් කරගන්න පුළුවන්." යනුවෙන් පවසමිනි.
තවමත් පළ කෙරෙන ළමා ප්‍රදීපය පුවත්පතට ළමා වියේ සිට චිත්‍ර, කවි යවා සිය වෘත්තීය ජීවිතයට පළමු පියවර තැබූ අතුල මහවලගේ - එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ සිනමා පටය 'සිකුරු ලියා' රූගත කිරීම් බලන්නට යෑමට උදා වූ අවස්ථාව සිය ජීවිතය වෙනස් කළ අයුරු එහිදී පැහැදිලි කළේය
"සාමාන්‍යයෙන් රෑ 02ට කලින් නින්ද යන්නෑ. පුරුදු වුණේ ඒ විදිහට. 07ට කලින් ඇහැරෙනවා. පැය 06ක් නිදාගත්තොත් ඒක ලොකු දෙයක් මට. පැය 08ක් නම් කවදාවත් නිදාගෙන නෑ. සමහර ඒවා තියෙනවා දවස් දෙක, තුන එක දිගට නිදා නොගනිපු ඒවත්." සිය ජීවිතයේ කාර්යශීලීකම හෙළි කරමින් හෙතෙම පවසයි.
දුර්ලභ ගණයේ අධිවේගී මිනිසෙකු වන අතුල මහවලගේ සිය මතක හෙළි කළ 'මතක පද' සෑම සිකුරාදාවකම එම යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

Back to top
Go to bottom

Popular News