lan englan tam

පුවත්

ජුනි මාසයේ උපන් ඔවුන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය තරුණ 'සිංහල' විෂය පෞද්ගලික පන්ති ආචාර්යවරයෙකි. නිදහස් මතධාරී ලේඛකයෙකි. ඔහු උපන් ජුනි මාසයට අනුව ලංකාවේ ජුනි මාසයේ උපන් කලාකරුවන්, සාහිත්‍යකරුවන්, ජනප්‍රිය අය පිළිබඳව අපූරු කෙටි සටහනක් ලියා තිබේ.

ඒ සඳහා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන්ගෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර ඉතා බරපතල ලෙස කළ සමීක්ෂණයක් නොවූවද බොහෝ දෙනෙකුට ආශ්වාදයක් සපයන කුඩා නිරීක්ෂණයක් බවට එය පත් වී තිබේ.

එම සටහන මෙසේය.

ඊයේ රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ උපන්දිනේ.
අද එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ උපන්දිනේ. ඒවගේම ප්‍රේමකීර්ති ද අල්විස් උපන්නෙත් අද, කරුණාරත්න අබේසේකර උපන්නෙත් අද.
මං දැක්කා නිලාර් එන් කාසිම්ගෙ උපන්දිනෙත් අද බව.
මේක මට කලිනුත් නෝට් වෙලා තියෙන දෙයක්, ජුනි මාසෙ ඉපදුනු සාහිත්‍යයට සම්බන්ධ පිරිස් ප්‍රමාණේ අනෙක් මාසවලට වඩා කැපී පෙනෙන වෙනසක් තියෙන බව.
මං පොඩ්ඩක් හොයලා බලද්දි මේ මාසෙ ඉපදුන තව සාහිත්‍යකරුවන් කීපදෙනෙක් දැනගන්න ලැබුනා. (තව අයව මඟ හැරී තියෙන්න පුළුවන්)
මර්සලින් ජයකොඩි පියතුමා
කේ ජයතිලක
ජයලත් මනෝරත්න
සිරිල් සී පෙරේරා
දයාසේන ගුණසිංහ
ඇරැව්වල නන්දිමිත්‍ර
ඩොමිනික් ජීවා
කේඩීකේ ධර්මවර්ධන
සුනිල් විජේසිරිවර්ධන
ලියනගේ අමරකීර්ති
වික්ටර් අයිවන්
චාමින්ද රත්නසූරිය
රංජිත් මල්ලියාවඩු
ටිම්‍රාන් කීර්ති
ඉලක්ෂ ජයවර්ධන
ඒ විතරක් නෙවේ ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, ඩොමී ජයවර්ධන, රොබින් ප්‍රනාන්දු, ජගත් චමිල, ප්‍රියංකර රත්නායක, සේමිණී ඉද්දමල්ගොඩ, කාංචනා මෙන්ඩිස්, පූජා උමාශංකර්, ස්ටැන්ලි පීරිස්, සේනක බටගොඩ වගේ කලාකරුවන් ඉපදී ඇත්තෙත් ජුනි මාසෙ.

Back to top
Go to bottom

Popular News