lan englan tam

පුවත්

රඟපාන පත්තරකාරයාගේ උපන්දිනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදී ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අද (05) දිඅනයේ උපන්දින සමරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩනගේ උපන්දිනය සිහිපත් කරමින් ඔහුට සුබ පතා තිබිණි.

නෝමන් පලිහවඩන මාධ්‍යවේදියෙකු පමණක් නොව සිය වෘත්තීය පුවත්පත් කලාවේ නියැලෙන අතරතුරදී අඛණ්ඩව රඟපෑමේ සහ කලා කටයුතු නියැලෙන්නකි. එහෙයින් කලාකරුවන් අතර ඔහුට ඇති සුවිශේෂීකමද සඳහන් මෙම උපන්දින සුබ පැතුම මෙසේ පළ කරන අතර ඔහුට සුබ උපන්දිනයක් යැයි අපි පතමු!

#දිවයින පත්තරේ නිරතුරුව විහිළුවෙන් තහළුවෙන් සිටින ආදරණීය වටිනා චරිතයක් තමයි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදී Norman Palihawadana කියන්නෙ....උදේ, දවල්, හවස නිරන්තරයෙන්ම රටපුරා ඇති පොලීසි වලට දුරකථනයෙන් කතාකරලා ප්‍රවෘත්ති අරගෙන පත්තරේට සපයන ආදරණීයම චරිතය නෝමන් අයියා කියලා කිව්වොත් නිවැරදියි.....දුරකථනය ඔස්සේ "Cheep මං නෝමන්..." කිව්වොත් රටේම පොලිස් ස්ථාන වල සිටින O.i.c. මහත්වරුන් ඔහුගේ කට හඬින් හඳුනාගනිති.ඔහු ⁣එක් පැත්තකින් අපේ පත්තරේ සිටින අත්දැකීම් බහුල පරිණතම මාධ්‍යවේදියා ද වෙයි...අනෙක් පැත්තෙන් ඔහු අපේ පත්තරේට සිටින වටිනාම සම්පතක් ද වන්නේය.එපමණක් නොව ඔහු නවක මාධ්‍යවේදීන්ට පවා ගුරුහරුකම් ලබාදෙමින් ඔවුන්ට ඉදිරියට යාමට අතහිත දීමටත් අමතක නොකරති.ඔහුගේ මඟ පෙන්වීම යටතේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු මාධ්‍යවේදීන් ගණනාවක්ම සිටිති.එම ගෝල පිරිස වර්තමානයේ මාධ්‍ය වෘත්තියේ නියැලී සිටිති.ඔහුගේ හිතේ කුහකකමක්, ඊර්ෂ්‍යාවක් නැත.හැම මොහොතකම ඔහු උත්සාහ දරන්නේ අලුත් ප්‍රවෘත්තියක් පත්තරේට ලබා දෙන්නය.....
✍️ 🙏💓❣️
#තව පැත්තකින් ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙක් ද වෙනවා....ටෙලි නාට්‍ය හා චිත්‍රපටි රැසකට රංගනයෙන් සිය දායකත්වය ලබා දී තිබෙන ඔහුගේ නිර්මාණයන් කීපයක් ඉදිරියේ දී විකාශනය වීමටත් නියමිතය...
❣️❣️❣️
#විහිළුවෙන්, තහළුවෙන් හැමදාමත් දිවයින කර්තෘ මණ්ඩලය තුළ දී අපව සිනාගන්වන නෝමන් අයියා, ඔබට නිදුක් නිරෝගීභාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.!

Back to top
Go to bottom

Popular News