lan englan tam

පුවත්

ගාමිණී, ජෝ, ටෝනි පරපුරේ ඊළඟ කෙනා - රවී..!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
රවින්ද්ර, දුහුල් මලක් ...!
ඇත්තටම මට රවින්ද්ර රන්දෙණිය මතක් වෙන්නෙම විජය ධර්මශ්රිගේ දුහුල් මලක් ෆිල්ම් එකේ රොහාන්ගේ චරිතයෙන්. නිලුපා සුරවීරට ආදරේ කරන රෝමාන්තික පෙම්වතා තමයි මට රවීන්ද්ර කියන නම ඇහෙනකොටත් මතක් වෙන්නේ.
මට හිතෙන්නේ අපේ අතීත සිනමාවේ පෙම්වතුන් එක පෙළට තිබ්බොත් රොහාන් තමයි කැරැට්ටුව කියලා. ධර්මසිරි අයියගේ හංසවිලක් ෆිල්ම් එකේම වෙන වර්ෂන් එකක් විදිහට තමයි මටනම් දුහුල් මලක් පේන්නේ. අනික් පැත්තෙන් අපි ඊට සෑහෙන්න කාලෙකට පස්සේ බලපු Adrian Lyne ගේ Unfaithful කියන ෆිල්ම් එක හරහා ආයෙත් දුහුල් මලක් බලනකොට ඒක වෙනස්ම ආතල් එකක්. ඊට පස්සේ මම රවීගේ ආසම චරිතය තමයි 'දෑස නිසා' ෆිල්ම් එකේ තාපසයාගේ කැරැට්ටුවට. වෙලාවකට හිතෙනවා මේ චරිතය බේස් එකේ තියාගෙන රවී වෙනස් චරිතයන් වලට ප්රවේශ වුණාද කියලා. මොකද මෙතනින් එහාට මෙහාට යන්නේ හරිම සීමිත දශම ප්රමානවලින්. හැබැයි ඒ දශම රංගනයන් අපිව පිස්සු වට්ටනවා. දඩයම ෆිල්ම් එක ගත්තත් සිරිමැඳුර ෆිල්ම් එක ගත්තත් එහෙමයි.
සිරිපාල සහ රණ්මැණිකා ගත්තත් එහෙමයි කියලයි මට නම් හිතෙන්නේ. දුහුළු මලක්, එක්ටැම්ගේ, සිරිමැඳුර කියන ෆිල්ම්ස් තුන ගත්තාම රංගන පරාසය කියන එක නැත්තං ඒ කලර් එක වෙනස් වෙන්නේ දශම වලින්. කෙනෙකුට හිතෙන්න පුලුවන් සිරිමැඳුරේ චරිතයයි එක්ටැම්ගේ ෆිල්ම් එකේ චරිතයයි දෙකම එකවගේ නේද කියලා නෑ ඒක තමයි රවීගේ ආශ්චර්යය.
හඳයගේ අක්ෂරය ෆිල්ම් එක බලලා තිබුණ මට ඇගේ ඇස අග ෆිල්ම් එක බැලුවාම හිතුනේ ඇයි යකෝ මේ මහාචාර්යවරයාගේ චරිතයට රවීන්ද්ර ගත්තේ නැත්තේ කියලා. ඒකට හොඳටම සෙට් වෙන්නේ රවීන්ද්ර නේද කියලා තමයි ඇත්තටම මටනම් තවමත් හිතෙන්නේ. ඉතිං රවීන්ද්ර අවුරුදු 51කක් රඟපාලා තිබෙනවා නළුවෙක් විදිහට. ගාමිණී ජෝ ටෝනි පරපුරේ ඊළඟ කෙනා තමයි රවී..!
 
කේ. සංජීව ෆේස්බුක් පිටුවෙනි
 
Back to top
Go to bottom

Popular News