lan englan tam

පුවත්

වීඩියෝ බැලුවට නාට්‍යය බලන්නෙ නැත්තේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරංග දිසාසේකර, රෙබෙකා දිල් රුක්ෂි, දිනක්ෂි ප්‍රියසාද් රඟපාන Take Care! ටෙලිනාට්‍ය නරඹන රසිකයින්ට අමතරව එය නොබලන අයකුගේ වෙනස් අදහසක් මෙසේ පළ කරමු. වෘත්තීයෙන් ඉංජිනේරුවකු වන මංජුල විජේසිංහ ඒ බව කියන්නේ මෙසේය.

"ටකේ කරේ" එකේ පොඩි පොඩි වීඩියෝ කෑලි හැමවෙලේම වෝල් එකේ පෙන්නනව. ඉඳලා හිටලා සමහර ඒවා බලනවාත් එක්ක. ඒත් හිතන්න එපා ඒ කෑලි බලලා මම සම්පූර්ණ නාට්‍යය බලයි කියල.
අවුරුදු දහ පහළොවක් තිස්සේ රූපවාහිනී නාලිකා වල වැඩි හරියක් ගියේ පවුල් වල අවුල් ගැන තියෙන ටෙලිනාට්‍ය. ඉස්සර ජයන්ත චන්ද්‍රසිරි, විමලරත්න අධිකාරී, දයාරත්න රටගෙදර, නාලන් මෙන්ඩිස් වගේ අධ්‍යක්ෂකවරු කරපු නිර්මාණ විශිෂ්ඨ ගණයේ ඒවා වුණා. ඒ අයත් පවුල්වල ප්‍රශ්න තියෙන නාට්‍ය නොකලා නෙමෙයි. ඒත් ඒවා යම් සමාජ විග්‍රහයක් සහිත අපටත් ගන්න දේවල් තිබුණු ටෙලිනාට්‍ය වුණා.
සාමාන්‍යයෙන් කලා මාධ්‍යයක් කියලා කියන්නේ මනස නිදහස් කරන දේකට. ඒත් දැන් තියෙන ටෙලි නාට්‍ය බලපුවම ඔලුවේ තියෙන ප්‍රශ්න ඩබල් වෙනවා. ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි චිත්‍රපටිත් දැං ඒ වගේ වෙලා. රජවරුන්ගෙන්ම චිත්‍රපටි හදලා හදලා ලංකාවේ රජවරු ටික ඉවර උනාම ඉස්සරහට පිටරටිනුත් රජවරුවන්ව ආනයනය කරන්න වෙයි වගේ.
ඉතින් කොහොම කොහොම හරි ඔය චූටි චූටි වීඩියෝ කෑලි ආවට කමක් නෑ. හැබැයි මං නං ඔය "ටකේ කරේ" බලන්නෙම නෑ........😎

Back to top
Go to bottom

Popular News