lan englan tam

පුවත්

ගංවතුර මැද හැමූ ජීවන කුණාටුව Ullozshukku

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Ullozshukku (2024) යනු මේ වසරේ බොහෝ ප්‍රේක්ෂක දිනාගත් මලයාලම් චිත්‍රපට අතරින් එකක් වේ.

මලයාලම් සිනමාවේ චරිතාංග ආකර්ෂණීය නිළියක වන පාර්වතී තිරුවෝතු ප්‍රධාන චරිත රඟපාන මෙහි ස්වභාව ව්‍යසන මුල් කරගත් කතාන්දරය ආකර්ෂණීය සිනමා තේමාවක් බව පැවසේ.
දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රවීණතම නිළියක වන ඌර්වශී චිත්‍රපටය අලංකාර කරන අනික් නිළියයි.
ස්වභාවික ව්‍යසන මදිවාට ජීවිතයේ නොකඩවා එන ව්‍යසනවලට ගැහැනුන් හැටියට මුහුණ දෙන්නේ කෙසේද යන්න චිත්‍රපටයෙන් පවසයි.
කේරළයේ අලාපුශා ප්‍රදේශයට වැටෙන අධික වැසි හේතුවෙන් ඇති වන ගංවතුර මැද අනුගේ සැමියා තෝමස්කුට්ටි මිය යයි. තෝමස්කුට්ටිගේ මව වන්නී ලීලාම්මාය. නමුත්, තෝමස්කුට්ටි මිය යන විට අන්ජුට ලැබෙන්න සිටින දරුවාගේ පියා වන්නේ ඇගේ දිගු කාලීන පෙම්වතා වන රජිව් වේ. ලීලාම්මා මේ ගැන දනී.
ක්‍රිස්ටො ටොමී අධ්‍යක්ෂණයෙන් යුතු චිත්‍රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 4 1/2ක ආදායමක් ලබා තිබේ.

Back to top
Go to bottom

Popular News