lan englan tam

පුවත්

'කම්බිලි' පිටපත කියවද්දිම චරිතයේ බර දැනුණා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් ආදරයෙන් හැදූ වැඩූ දරුවකු මත් රකුසාට බිලි වනු සිය දෑස් අභියසම දකින මවකට අත් විඳින්නට ලැබෙන අසීරු සිදුවීම් ගණනාවක් රැගත් වත්මන් චිත්‍රපටය වන්නේ 'කම්බිලි'ය. එහි මව් චරිතය හොබවන ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දු සරසවියේ හේමාලි විජේරත්න සමග සංවාදයකට එක්ව සිටියාය.

"'කම්බිලි' චිත්‍රපටයේ තිර පිටපත කියවන විට මම දැන ගත්තා මේ චරිතයේ තිබෙන බර කොච්චරද කියලා. මට මුලින්ම හිතුණේ මේක හරියට 70 දශකයේ චිත්‍රපටයක් වගේ නේද කියන කාරණාවයි. ඒ කාලේ කතා වලින් අපි දුටු ආදරය මුසුවුණු, ඒ වගේම සමාජයට යම් යහපත් පණිවිඩයක් ලබා දෙන කතාවක් තමයි 'කම්බිලි' චිත්‍රපටයේ අඩංගු වෙලා තිබුණේ. ඉතින් තිර පිටපත කියවනවිටම මම තීරණය කලා මේ චරිතය මම බාර ගන්නවා කියලා." යැයි ඇය සංවාදය ආරම්භ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News