lan englan tam

පුවත්

වසර 11කට පසුව සාරංග කඩඉමක් පසු කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට කලකට පෙර පුවත්පත්, රූපවාහිනී මාධ්‍යවල විශේෂාංග සඳහා සහභාගි වීමත් SMS වැනි විවිධ ක්‍රම ඔස්සේ රසික ප්‍රතිචාර විමසා බැලීමත් කලාකරුවන්ගේ ජනප්‍රියතාව මනින සාධකයක් ලෙස ගැණිනි.

මේ වන විට එම තත්ත්වය සමාජ මාධ්‍ය ප්‍රතිචාර ලැබීම දක්වා දියුණු වී ඇති අතර සමාජ ජාල ගිණුම් (Facebook, Instagram, YouTube...) සඳහා රසික ප්‍රතිචාර ලැබීම කලාකරුවන්ගේ ජනප්‍රියත්වය සහ එක්තරා අතකින් සාර්ථකත්වය මැන බැලීමේ සාධකයක් ලෙස සලකයි.
ජනප්‍රිය සහ චරිතාංග නළුවෙකු වන සාරංග දිසාසේකර පසුගියදා එවන් කඩඉමක් පසු කළේය. ඒ සිය ගීත නිර්මාණයක් වන 'මා දෙනෙත්' ගීතයේ යූටියුබ් වීඩියෝව කැමැත්ත පළ කරන්නන් සංඛ්‍යාව මිලියනය ඉක්මවීමෙනි.
ගීතය නිකුත් කර වසර 11කින් අනතුරුව මෙම තත්ත්වය උදා වීම සාරංගට ඉතා සතුටුදායක අවස්ථාවක් වී තිබේ.
සාරංගගේ සාර්ථකත්වය සඳහා පසුගිය කාලයේ විවිධ වීඩියෝ, ඡායාරූප, ප්‍රකාශන සහ ඔහු විසින් කරන ලද රඟපෑම් මෙන්ම විශේෂයෙන් ඔහු විසින් නිෂ්පාදනය කරන ලද TAKE CARE නාට්‍යයද ඉවහල් වූ බව රහසක් නොවේ. නමුත්, මෙම ගීත නිර්මාණය ඊට වඩා වෙනස් තලයකදී සාරංග නිකුත් කළ එකකි.
කලා ක්ෂේත්‍රයේ හෙමින් නමුත්, ඵලදායී ගමනක් යන සාරංගට මෙම අවස්ථාව සිය ජීවිතයේ විශේෂ කඩඉමක් වනු ඇත්තේ ඒ නිසාය.
නලින් ද සිල්වා විවින් පද රචනා කර සංඛ දිනෙත් සංගීතවත් කළ ගීතයේ ගායක සාරංග දිසාසේකරය.

Back to top
Go to bottom

Popular News