lan englan tam

පුවත්

මිලියන 1.3ක් මුද්‍රණ නොහැකියා ඇත්තන්ට සහනය වූ KReader

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විවිධ අපහසුකම් සහ නොහැකියාවන් ඇති පිරිසට පහසුවක් සපයමින් හඳුන්වා දෙන ලද මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කර ඇති යෙදවුමක් ලෙස KReader ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් ඇත.

KReader තුළ තමන් ඇතුළු පිරිස විසින් නිර්මාණය කරනු ලැබුවේ තාක්‍ෂණය යොදා ගනිමින් පොත් කියවීම පහසු කිරීම සහ දැරිය හැකි මුදලකට පොත් ලබා ගැනීමේ පහසුකම විතරක් නොවන බවත් ලංකාවේ සෑම අයකුටම අධ්‍යාපනයේ අයිතිය, දැනුම ලබා ගැනීමේ අයිතිය සහ විවේකය සහ විනෝදාස්වාදය සඳහා තමන්ට වැඩියෙන්ම තේරෙන තමන්ගේ මව් භාෂාවෙන් (සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි) පොත් කියවීමේ අයිතිය තිබිය යුතු බව තහවුරු කෙරෙන යෙදවුමක් ලෙස එය හඳුන්වා දෙනු ලැබූ බවත් ප්‍රධාන තාක්ෂණ නිලධාරී හේශාන් ජේ. පීරිස් පවසයි.
"අපි අපේ සියලුම AI Technology හැදුවේ සහ ඉදිරියේදී වැඩ නිම වීමට නියමිත AI Model (Text to Sign Language) හදන්නේ මේ අරමුණෙන්. ඒක වාණිජ අරමුණුවලින් එහාට ගිය අරමුණක්. ලංකාවේ කිසිකෙනෙක් තමන්ගේ ජාතිය, ආගම හෝ යම් දුබලතාවයක් නිසා තව දුරටත් අසාධාරණයට ලක් නොවිය යුතුයි යන්න පෙරදැරිකරගත් අරමුණක්. සමානාත්මතාවය ඇති කිරීම පිලිබඳ අරමුණක්.
ලංකාවේ සිටින මිලියන 1.3 ක් වූ Print Disabled Community එකට පොත් සඳහා Born Accessibility ලබා දීම සහ ඔවුන්ව බල ගැන්වීම අපගේ ප්‍රධාන ඉලක්කයක්." යැයි ඔහු පවසයි.
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රිය Kindle වැනි උපාංගයක් වේ.

Back to top
Go to bottom

Popular News