ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර විසින් රචිත ‘දේශපාලනයේ දඟ වෙද්දු සහ දඟපන්දු’ කෘතිය ජනගත කිරීම සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සංවාදය 2024 නොවැම්බර්12 දින පස්වරු 3.30 සිට 5.30 දක්වා කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙම සංවාදය සදහා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක, පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ, නීතිඥ ඉන්දික පෙරේරා සහ නීතිඥ සුපුන් අධිකාරී සහභාගි වීමට නියමිත ය.