සුපුන් රත්නායක - අවසන් වූ 'ලලයි ලිලයි ලයි' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා විසින් ඊයේ (08) දිනයේදී ප්‍රබන්ධ කෙටි කතාවක් පළ කරනු ලැබ තිබිණි.
එය පහතින් පළ වේ.
ඒක් චූට් සේ ලව් ස්ටෝරී..
සමහරවිට ඒ නම මම ලියලා තියෙන විදිහ වැරදි ඇති.හැබැයි පුංචි ආදර කතාවක් කියන එක හින්දියෙන් කියන්නේ මේ වගේ කියලා තමයි මගේ මතකය තියෙන්නේ. දැන් ඉතින් ඕකේ හින්දි වල ව්යාකරන හොයන්න ඕන නෑ.මෙන්න මේකයි සීන් එක.
මගේ නම රුවිනාත්.traveling agency එකක පොඩි රස්සාවක් කරාට වෘත්තීමය වශයෙන් බේබද්දෙක්.ඇත්තම කිව්වොත් බොන්න පටන් ගත්තේ මගේ පළවෙනි කෙල්ල තරහ වුණාට පස්සේ. දැන් ඉන්නෙ දාහත්වෙනි කෙල්ල ඒත් මම බොනවා.
අපිට බොන්න මිත්ර සමාගමක් තියෙනවා.පටන් ගන්නෙ බෝතලයක් ගහලා ගෙදර යමු කියලා.අන්තිම බෝතලේ ගහනකොට උදේ හතර විතර වෙනවා.ඒ අතරේ තවත් වස විස භාවිතා වෙනවා.සින්දු අහනවා සිංදු කියනව සිංදු ගැන කතා කරනවා.ඉවර වෙලා එනකොට.. ආයේ නම් බොන්නෙ නෑ, බුදු අම්මෝ මේ ඇති කියලා හිතනවා.
එහෙම කියලා හවසට ආයෙමත් අපි බොනවා.
දැන් මේ කතාව උඹල අරක්කු බොන විදිය ගැනද? කියලා ඔබට හිතෙන්න පුළුවන්.
නෑ ඒක ගැන නෙවෙයි.ඒත් අවට පරිසරය ගැන පැහැදිලි කරන්නේ නැතුව මේ කතාව කියලා තේරුමක් නෑ.
ඉතින් ඒ වගේ එක රාත්රියක ඇය එනවා අපේ සංගමයේ යාළුවෙක්ගේ යාළුවෙක් විදියට.
නීතිඥවරියක්...
එයා මගේ දිහා බලන හැම වෙලාවකම මට පේන්නේ සේවා දායකයෙක් දිහා බලනවා වගේ.
මගේ යාලුවෙක්ට වැඩේ තේරිලාද කොහෙද.ඉස්සර මිනිහ මොන දෙයක් උනත් කිව්වේ බඩුම තමයි කියලා.එදා දවසේ ඒ වචන දෙක පොඩ්ඩක් සංස්කරණය කරලා මූ කියාපි නඩුම තමයි කියලා.
එහෙම කියද්දි එයා හිනා වෙනවා.හිනා වෙනකොට ඇස් චූටි වෙනවා.කම්බුල් වළ ගැහෙනවා. තොල් දෙක දෙපැත්තට ඇදෙනවා.මූණ එක පැත්තකට බර වෙනවා.සමහරවිට මේ කිසිම දෙයක් වෙන්නෙ නැතුව ඇති,මට බීලා නිසා මේ ඔක්කොම පේනවා ඇති.
කොහොම හරි වෙනදට බොන තරම් මම එදා බිව්වේ නෑ.පොඩ්ඩක් ඩීසන් ඉන්න ඕන කියලා හිතුනා.එයා නං නස්පුක් වෙන්නම ගැහුවා.හැබැයි වෙරි නෑ වගේ ඉන්නවා.
ඩාන්ස් කරනකොට ගොඩක් වෙලාවට එයා හිටිය මගේ ළඟ.සමහර වෙලාවට එයා මගේ ඇඟේ ඇතිල්ලෙනවා.එතකොට සඳ මෝදු වෙනවා.ඒ ලස්සන හැඩකාර සිරුර ගීතයේ රිද්මයට නැලවෙනකොට බලන් ඉන්න ලස්සනයි.
මගේ යාලුවොන්ට හොඳටම නෝට් මම දැන් ප්රේමයෙන් ගැබ්බර වෙලා කියලා.එයාටත් ඉතින් ඉන්න බෑ මාව අවුස්සනවා.එතකොට මම තව තව ඩීසන් වෙන්න හදනවා.
රුවිනාත් තව බෝතලයක් ගේමුද?
එපා මචන් දැන් ඇති නේද ?
හැමෝටම හිතාගන්න බෑ මගේ වෙනස්වීම.බෝතලයක් කියන වචනය ඇතුළේ ..බයන්නට කලින් තියෙන කොම්බුව දැක්කත් ඇති මට බොන්න හිතෙනවා...ඒත් අද ?
ඕනම පාටියක එක අවස්ථාවක් තියෙනවා ,එක පොදියට ටේබල් එකේ වාඩිවෙලා හිටපු අය තැන් තැන් වලට වෙන වෙනම ගිහිල්ලා කතා කරන.සමහර විට ඒ සිගරට් එකක් ගහන ගමන් වෙන්න පුළුවන්,,තව කෙනෙක් කෝල් එකක වෙන්න පුළුවන්,තව දෙන්නෙක් ටේබල් එකේ කතා කරන්න බැරි පෞද්ගලික දෙයක් කතා කරනවා වෙන්න පුළුවන්..ඔය වගේ නානාප්රකාර හේතු.
අන්න එහෙම වෙලාවක මෙච්චර වෙලා රැකගෙන හිටපු මගේ ඩීසන් කම බල්ලට දාලා...ඇගේ ලවනත සැදුනු මීවිතෙන් මම මත්වුණා.
ඊට පැයකට විතර පස්සේ පාටිය ඉවර වුණා.යාළුවො හැමෝටම ඕන වුණේ එයාගේ වාහනේ මාව එවන්න.ඒ වෙනකොට මම දැනගෙන හිටියා එයා ඉන්නෙ පාදුක්කේ කියලා. එයාව එක්ක ගෙනාපු යාළුවා හිටියේ හෝමාගම.
රුවිනාත් ඔයා කොහාටද යන්නේ? කොහොමද යන්නේ..
ම්ම්ම්ම් මට යන්නනම් ඕන ඉංගිරියට.අවුලක් නෑ මං ටැක්සියක් දාගෙන යනවා.
ඉතින් මම පාදුක්කට යනවනේ.අපිත් එක්කම යමු.
ඉතින් බලන්න බොරු කියන්නෙ කොයිතරම් ලස්සන දෙයක්ද.ඒ බොරුවේ ආනුභාවයෙන් මමත් එයත් එයාගේ යාලුවත් යන්න පිටත් වුනා.
යාලුවා හෝමගමින් දැම්මට පස්සේ තමයි අපි හරි ට්රැක් එකේ කතා කරන්න පටන් ගත්තේ.
රුවිණාත් තාම සිංගල් ද ?
කෙල්ල කොච්චර හිටියත් මගේ හිත කිව්වා ඔව් කියන්න කියලා.
ඔව්, කෙල්ලෙක් නෑ
ඔය වයසටත් කෙල්ලෙක් නෑ කියල කියන්නේ ,ඒක මොකක් හරි ඔයාගේ අඩුවක්..
මේකේ හැරෙන තැපෑලෙන්ම කන පැලෙන්න එකක් දුන්න වගේ කිව්වා..
කෙල්ලෝ ඉඳලා නැතුව නෙවෙයි.ඒ උනාට දැන් සීරියස් මූඩ් එකක් ඔන් වෙන්න ඕනෙ.නැත්නම් මගේ කාලයත් අපරාදේ..
ඒකනං ඇත්ත.
ඔය වගේ විවිධ දේවල් කතා කරගෙන අපි පාදුක්ක ටවුන් එකටම ළංවුණා.
රුවිනාත් මම මෙතනින් හැරෙනවා.
එයාට එච්චරයි කියන්න හම්බවුණේ.මම ආයෙමත් ඇගේ ලවණත සැදුනු මේ විත හොයාගෙන ගියා.ඒකට ටිකක් වෙලා ගත වුණා.එයා ඒ කිසිම වෙලාවක බාධා කරේ නෑ.
ආයේ කවදද අපි හම්බවෙන්නේ.
මගේ හිත මටත් කලින් ඒ ප්රශ්නය එයාගෙන් ඇහුවා.
ආයේ අපිට හම්බවෙන්න වෙලාවක් වෙන්නේ නෑ රුවිනාත් . මම හෙට uk යනවා හස්බන්ඩ් ගාවට.බොහෝ දුරට ආයි ලංකාවට එන එකක් නෑ.
මම කිසිම දෙයක් කියන්නේ නැතුව බලාගෙන හිටියා.
අද ආවෙත් මගේ යාලුවා ඩිනර් එකක් දෙන්න කතා කරා. අපි ඩිනර් ඉවරවෙලා එලියට බහින කොටම තමයි ඔයාගේ යාළුවාගෙන් මගේ යාළුවට කෝල් එක ආවේ.ඉතිං ආයෙමත් ලංකාවේ සෙට් වෙන්න වෙන්නේ නැති නිසා මමත් කිව්වා යමු කියලා..
එතකොට මේක මෙතනින් ඉවරද
මොකද්ද රුවිනාත් මේක කියන්නේ..
මට කියන්න මොකුත්ම තිබුනේ නෑ.මම ඇයට ගුවන් ගමනට සුභ පතලා,වාහනයෙන් බැස්ස.දැන් ඉතින් මේ වෙලාවට ත්රීවිල් හොයනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.තඩි වැස්සක සේයාවකුත් නැතුවම නෙවෙයි.
එකපාරටම බයිසිකලයක් යූ ටර්න් එකක් ගහලා නැවැත්තුවා.
ඒ බූරුව නැගපන්.
පාටියේ හිටපු මගේ යාලුවෙක්,හිත හොඳ වැඩිකමට හෝ අතිශය බීමත්කමට අපේ වාහනය පස්සෙන් ඇවිල්ලා..
ඔය දෙකෙන් මොකක් උනත් ඌ දන්නවා මට පාදුක්කේ ඉඳලා එන්න විදියකුත් නෑ.. මම ඉන්නෙ පාදුක්කෙත් නෙවෙයි කියලා.
හෙල්මට් එකක්වත් නැතුව ආයෙමත් මම පියවි ලෝකෙට ආවා.ගෙදර ගිහිල්ලා බලනකොට එයාගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබුණා..
ඊට පස්සේ මම හැමදාම එක දිගට hi ,hi ,hi කියල ඉන් බොක්ස් එකේ වාත වෙනකොට,එයා මාව බ්ලොක් කරා..
ඉතින් එතනින් ඒ කතාව ඉවර වුණා..