සනුක වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ ඉන්න තරුණ පරපුරේ ජනප්‍රියතම ගායකයෙක් කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඒ වගේම ඔහු ගායකයෙකු වගේම සංගීත නිර්මාණ ශිල්පියෙක් විදිහටත් දක්වන දක්ෂතාවය විශේෂයි.
සනුකගේ නිර්මාණ වල තියෙන විශේෂත්වය තමයි ඔහුගේ නිර්මාණ ලංකාවේ සම්භාව්‍ය, ජනප්‍රිය කියන කියන භේදයකින් තොරව මේ ඕනෑම රසවින්දන මට්ටමක කෙනෙක්ට රසවිදිය හැකි නිර්මාණ වීම.
කොහොම උනත් සනුකගේ ආසන්නතම නිර්මාණ නම් තරමක් ජනප්‍රියවාදී පැත්තට නැඹුරුවක් තිබුණා කිවුවොත් නිවැරදියි.
ඔන්න, ඔහු අලුත්ම ගීතයක් එළි දක්වලා තියනවා.මෙය නම් කරලා තියෙන්නේ ‘ඉතිං මම ඉන්නවා’ කියන නමින්. මෙහි පදරචනය සිදු කරලා තියෙන්නෙත් සනුක විසින්මයි.
මේ ගීතයේ විශේෂත්වය තමයි සනුක මීට ටික කාලයකට කලින් නිර්මාණය කරපු ‘පෙරවදනක්’, ‘අවසන් වරට කළ පෙම් සටන’ වැනි ගීතවල සනුක පෙන්වපු අනන්‍යතාවය නැවත මෙහි දක්නට ලැබෙන එක.
ඉතින් සනුකගේ නියම අනන්‍යතාවය තියෙන්නේ මෙවැනි ආකාරයේ ගීත වලද?
ඔයාලත් මේ ගීතය අහලම බලන්න. Video එක පහතින් දක්වලා තියෙනවා.
ඒ වගේම මේ ගීතය වගේම මීට අපූරූ රූප රචනයක් නිර්මාණය කරලා තියනවාත් දැක ගන්න පුළුවන්.
චමිල් පතිරණ තමයි මෙහි රූප රචනයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ.