“ඇස ගැටෙනා හැම තැනම කොහේ හෝ හිනැහී ඉන්නවා ඇස පියෙනා හැම විටම හීනෙනුත් නුඹ ළඟ ඉන්නවා”
ඔන්න, ගායන ශිල්පී සංඛ දිනෙත් ගයන තවත් අලුත් ගීත නිර්මාණයක් එළි දක්වලා තියෙනවා.මේ ගීතයේ ගායනය වගේම සංගීතය සහ තනුවත් නිර්මාණය කරලා තියෙන්නේ ඔහු විසින්.
මේ ගීතයේ පද රචනය හරිම සරලයි. හැබැයි ඒ සරල බව තුළම අපිට හිතන්න බොහෝ දේවල් ගීතයේ පද රචකයා අපට ඉතුරු කරනවා. ගීතයේ පද රචනය ඉසුරු වීරසිංහමුදලි විසින්.
ඉතින් මේ පද රචනයට සංඛගේ ආදරණීය හඩ එක් වූ විට හරිම හෘදයාංගම ගීතයක් නිර්මාණය වෙනවා.
ඒ වගේම තමයි මේ ගීතයේ music video එක ගැන නොකියාම බැහැ. සුමේධ මිහිරාජ විසින් තමයි මෙහි අධ්‍යක්ෂණය සිදුකරන්නේ.
පිටපත සුරංග ද අල්විස් සහ සුමේධ මිහිරාජ විසින්.
විනාඩි හතක් පුරා දිවෙන මෙහි music video එක මගින් හදවතින් ආදරය කළ පෙම්වතෙකුගේ කතාව ප්‍රේක්ෂකයන්ට සමීප කරනවා.
රූප රචනයට එක්වෙන තරුණ රංගන ශිල්පීන් දෙදෙනාත් හරිම ආකර්ෂණිය විදිහට ගීතයට සිය හැගීම් එක් කරනවා.
ඉතින්, සංඛ දිනෙත් ගයන “ඇස ගැටෙනා හැම තැනම කොහේ හෝ හිනැහී ඉන්න” පෙම්වතිය ගැන ඔබත් අහලා බලන්න.
පහතින් දැක්වෙන්නේ ගිතයේ වීඩියෝවයි.















