lan englan tam

විඩියෝ ගැලරිය

“තාක්ෂණයයි ළමයිනුයි විනය කියන එක ඉස්සරහින් තියලා පැත්තකට කරන එක බරපතළ අර්බුධයක්” - දිනේෂ් මුතුගල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් උනේ දිනේශ් මුතුගලයි.

ඔහු ලංකාවේ ජනප්‍රිය  උසස් පෙළ ජීව විද්‍යා උපකාරක පංති දේශකවරයෙක්.

එමෙන්ම ඔහු ව්‍යාපාරිකයෙක්, පශු වෛද්‍යවරයෙක් ද වනවා.

එළඹෙන ජූලි 12 වනදා සිට තිරගත වීමට නියමිත මහේෂ් මුණසිංහ විසින් අධ්‍යක්ෂණය කළ “සූර්යා” චිත්‍රපටයේ  නිෂ්පාදකවරයා වන්නේ ද දිනේෂ් මුතුගලයි.

ඒ වගේම ඔහු මෙම චිත්‍රපටයට පොලිස් නිළධාරියෙකුගේ චරිතයකින්  රංගනයෙන් ද එක්වෙනවා.

ඉතින්, මෙවර කතාබහේදී  අනිද්දා සිට තිරගත වන ‘සූර්යා’ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වීම ගැන මෙන්ම චිත්‍රපටය ගැනත් ඔහු බොහෝ දේ කතා කළා.

ඔහු ජීව විද්‍යාව පිලිබඳ දේශකවරයෙක් නිසා බොහෝ විට ඔහුව අපට නිරන්තරයෙන් හමු වන්නේ අධ්‍යාපනික, සමාජ කරුණු පිළිබඳව අදහස් පළ කරන්නෙක් ලෙසයි.

මෙවර සාකච්ඡාවේදී  ඔහු ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී සිටින මෙම අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව කතා බහ කළ ද මේ සංවාදය ඔහු තුළ සිටින කලා කාමියෙකු, කලාකරුවෙකු පිළිබදව හෙළිවන කතාබහක් ලෙස ද හැදින්විය හැකියි.

ඔහු සහභාගී වූ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

පහතින් දක්වා තිබෙන්නේ එම වීඩියෝවයි.

සංවාදය මෙහෙය වූයේ මනෝහාරී හේවාවසම්.

kemadasa

Back to top
Go to bottom