lan englan tam

විඩියෝ ගැලරිය

රන්ජන් රාමනායකගෙන් අලුත්ම දේශපාලන රෙගේ ගීතයක්! (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය දවස්වල ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක වඩාත් කතාබහට ලක් උනේ ඔහුගේ නවතම සිනමා නිර්මාණය “ගඩාෆි” චිත්‍රපටයත් එක්කයි.

ඉතින්, එහි රූගත කිරීම් අවසන් වෙලා පසු නිෂ්පාදන කටයුතු සිදු වෙමින් තිබෙන අතර්තුරේ ඔහු අලුත්ම රෙගේ ශෛලියේ ගීතයක් නිර්මාණය කරලා තියෙනවා.

රන්ජන් කියන විදිහට මේක දේශපාලනය ගැන කියවෙන රෙගේ ගීතයක්.

කාලයක් තිස්සේ ක්‍රියාකාරීව දේශපාලනයට මැදිහත් උන රන්ජන් දැන් තමන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය කලාව හරහා ඉදිරිපත් කරන්නද මේ ඔහුගේ උත්සහය?

“නයයි මුගටියයි වාගේ රණ්ඩු කෙරුවට

පක්ෂ පාට වලට බෙදිලා මරා ගත්තට

වැස්ස වැහැලා ගං වතුරක් ආපු දවසට

අපි යාළු වෙලා නගිමු මලේ එකම කොටේට”

ඉතින් ඔබත් මේ ගීතය අහලා බලන්න රන්ජන් කලාව හරහා කියන්න හදන දේශපාලන කතාව මොකක්ද කියලා.

(ගීතය දැන් ‘Ranjan Ramanayaka’ යූ ටියුබ් නාලිකාව හා ෆේස්බුක් පිටුව හරහා නැරඹිය හැකියි.)

 

kemadasa

Back to top
Go to bottom