lan englan tam

විඩියෝ ගැලරිය

“බංකර්වල හැංගිලා ඉන්නකොට තමයි අපිට හීනයක් තිබුණේ මේ කතා කවදාහරි අපි කියන්න ඕනේ කියලා” - නවයූගා කුහරාජා (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 වසරේ ශ්‍රී ලාංකීය සිනමාවේ ඇසුණු සුබ ආරංචි අතර එක් ආරංචියක් තමයි ලාංකික සිනමා අධ්‍යක්ෂකවරියන් දෙදෙනෙක් පසුගිය දිනවල සිය ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය තිරගත කරමින් ශ්‍රී ලාංකීය සිනමාවට එක්වීම.

මෙයින් එක් අධ්‍යක්ෂකවරියක් වූයේ විනෝශා කිරිවන්දෙණියයි. ඇගේ ‘Hello From the Other Side’ සිංහල චිත්‍රපටය පසුගිය අගෝස්තු මාසයේ තිරගත කිරීම් ඇරඹුවා.

අනෙක් අධ්‍යක්ෂකවරිය වන්නේ පසුගිය සැප්තැම්බර් 19 වනදා සිට දිවයින පුරා තිරගත කිරීම් ආරම්භ කළ ‘Bommai’ (An Island Story) දමිළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ නවයූගා කුහරාජා.

මෙවර ‘Hari Tv’ යූ ටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ මෙහෙයවන සාකච්ඡාව සදහා එක්වී සිටියේ මෙයින් දෙවනියට සදහන් කළ සිනමා අධ්‍යක්ෂකවරිය වන නවයූගා කුහරාජායි.

මෙම Hari Tv’ සාකච්ඡාව තුළ නවයූගා සිය නවතන චිත්‍රපටය “බොම්මෙයි’ (බෝනික්කා) චිත්‍රපටය පිළිබඳව මෙන්ම සිය ජීවන ගමන් මගේ අත්දැකීම් පිළිබඳව විස්තර කරන වැදගත් කතාබහක් මෙහි  ඇතුළත්.

ලාංකීය දමිළ සිනමාව පිළිබඳව ඔබට බොහෝ මේ සංවාදය හරහා දැනගන්නට ලැබේවී.

ලංකාවේ 30 වසරක යුද්ධයේ ඛේදනීය යථාර්ථය ජීවමානව අත්විදි තැනැත්තියක් වන අධ්‍යක්ෂකවරිය සිය ප්‍රථම කුළුදුල් වෘතාන්ත චිත්‍රපටය නිර්මාණය කිරීමේදී සිය සත්‍ය අත්දැකීම් පාදක කොට ගෙන තිබෙනවා.

ඉතින්, නවයූගාට සවන්දෙන්න. මෙහි සම්පූර්ණ සකච්ඡාව දැන් ඔබට “Hari Tv” යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

එමෙන්ම, මේ දින වල තිරගත වන නවයූගා ගේ  ‘Bommai’ (An Island Story) දමිළ චිත්‍රපටය (ඉංග්‍රීසි උපසිරැසි සහිතව) නරඹන්නට එක්වන ලෙසද සියළුම සිනමා රසිකයන්ට දන්වන්නට කැමතියි.

නවයූගා එක්වූ “Hari Tv” සාකච්ඡාවට පිවිසෙන්න පහතින්.

 

kemadasa

Back to top
Go to bottom