lan englan tam

විඩියෝ ගැලරිය

ළඟදීම එන 'ධර්මයුද්ධය 2' චිත්‍රපටයේ නිල තේමා ගීතය මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'Drishyam 2' මලායාලම් චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණයක් ලෙස නිර්මාණය වූ “ධර්මයුද්ධය 2” නවතම චිත්‍රපටය 2026 වර්ෂයේ ජනවාරි 23 වනදා සිට තිරගත වන්නට නියමිත බව ඔබ දැනටමත් දන්නවා ඇති.

ඒ අනුව පසුගියදා “ධර්මයුද්ධය 2” චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයද අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම මේ වන විට චිත්‍රපටයේ නිල තේමා ගීතය ඇතුළත් music video ද නිකුත් කොට තිබෙනවා.

“තව හීන ඕනේද” යනුවෙන් නම් කර ඇති මේ ගීතය ගායනා කරන්නේද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන බිමල් ජයකොඩි විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>>

 

ධර්මයුද්ධය 2 සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධනයි. චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා විසින් වන අතර කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස චන්න දේශප්‍රිය කටයුතු කරනවා.

බිමල් ජයකොඩි ,සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි , දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ , ඩග්ලස් රණසිංහ , කුමාර තිරිමාදුර , අශාන් ඩයස් , දිනක්ෂි ප්‍රියසාද් , කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.

ධර්මයුද්ධය දෙවන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ 𝗠𝗮𝗵𝗮𝗿𝗮𝗷𝗮 𝗠𝗲𝗱𝗶𝗮 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸 ආයතනයයි.

මීට පෙර 2017 වර්ෂයේ තිරගත වූ ධර්මයුද්ධය පළමු චිත්‍රපටය ද මෙරට බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක් බවට පත් උනා.

ඉතින්, 2026 වර්ෂයේ ජනවාරි 23 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී “ධර්ම යුද්ධය 2” චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂක ඔබට එක් විය හැකියි.

 

kemadasa

Back to top
Go to bottom